Sri Lanka Brodcasting Corporation

Fri10202017

Last updateFri, 20 Oct 2017 10am

දේශීය පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ශ්‍රි ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුනයට බලපෑම් එල්ලකරන බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව කියයි.  එහි බලපෑමෙන් ලබන සෙනසුරාදා දක්වා දිවයිනේ හා දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.  දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  ඇතැම් ස්ථානවල විශේෂයෙන් බස්නාහිර. වයඹ. දකුණ.

සබරගමුව. මධ්‍යම ඌව හා උතුරු මැද පළාත්වල මිලි මීටර් 100 ඉක්මවන තද වැසි අපේක්ෂා කළ හැකිය.  ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලිය කැළබිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට ගිණිකොන දෙසින් ක්‍රියාකාරී වළාකුඑ පද්ධතියක් වර්ධනය වී තිබේ.  එම නිසා මාතර සිට හම්බන්තොට හා මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තද සුළං ඇතිවිය හැකිය.  එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතාමත් රඑ වෙයි.  එම මුහුදු ප්‍රදේශවල තද වැසි ද අපේක්ෂා කෙරේ.  ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්