Sri Lanka Brodcasting Corporation

Mon05212018

Last updateMon, 21 May 2018 1pm

දේශීය පුවත්

මෙරට තිරසර සංවර්ධන කාර්යයන් සම්බන්ධිකරණය කිරිමට ජපානයෙන් විශේෂ නියෝජිතයෙක්.

ශ්‍රි ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සදහා සම්බන්ධිකරණ කටයුතු කිරිමට ජපානයේ  විශේෂ නියෝජිතයෙකු පත් කරන බව ජපන් කැබිනට් ලේකම් යොෂිහදේ සුගා මහතා පවසයි. අද පෙරවරුවේ ජපාන අගමැති කාර්යාලයේ දී  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කිවේය.  මෙම කටයුත්ත සදහා ජපන්  අගමැති උපදේශක ආචාර්ය හිරෝහිතෝ ඉසුමි පත් කිරිමට නියමිතයි.   ඉන්දිය සාගර කලාපයේ නිදහස් නාවික ගමනාගමනය හා සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධව මෙහිදි  අවධානය යොමු කෙරිණි.    ශ්‍රි ලංකාව සැමවිටම   සාමය සහ ආරක්ෂාව වෙනුවෙන්  කැප වී ක්‍රියා කරන බවත් . කිසිදු ආකාරයක හමුදාමය ක්‍රියාදාමයකට   ශ්‍රි ලංකාවේ සහයෝගයක් හෝ ඉඩකඩක්  නොමැති බවත් ශ්‍රි ලංකා නියෝජිත පිරිස  මෙහිදි  පෙන්වා දුන්හ.  ඉන්දිය සාගරය ආශ්‍රිත  රටවල්  එකමුතුවෙන් සාගර සමුඵවක් පැවැත්විමට ද ශ්‍රි ලංකාව බලාපොරොත්තු වෙයි.  ශ්‍රි ලංකාවේ  රූපවාහිනි  ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැණිනි.

   2025  වසරේ එක්ස්පෝ ප්‍රදර්ශනය ජපානයේ ඔසාකා හි පැවැත්විමට යෝජිතයි.  ඒ සදහා ශ්‍රි ලංකාවේ සහයෝගය අපේක්ෂා කෙරේ.   එම කටයුතු සදහා   ශ්‍රි ලංකා රජය පුර්ණ සහාය ලබාදෙන බව  වික්‍රමසිංහ මහතා මෙහිදි කිවේය.  

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්