Sri Lanka Brodcasting Corporation

Fri04272018

Last updateFri, 27 Apr 2018 9am

දේශීය පුවත්

අපවත්වී වදාල අතිපුජ්‍ය දවුල්දෙන ඥාණීස්සර මහානායක ස්වාමින්වහන්සේගේ ශ්‍රි දේහයට ජනාධිපතිතුමා අවසන් ගෞරව දක්වයි.

අපවත්වී වදාල ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායන අතිපුජ්‍ය දවුල්දෙන ඥාණීස්සර මහානායක ස්වාමින්වහන්සේගේ ශ්‍රි දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. නුගේගොඩ පාගොඩ ශ්‍රි විද්‍යා විජය විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්වු අතර නිකායික භික්ෂූන් වහන්සේ සහ ශිෂ්‍ය භික්ෂුන්වහන්සේ වෙත සිය සාතීශය සංවේගය පලකර සිටියේය.


සම්බුදු සසුනේ චිරස්තිතිය උදෙසා ජීවිතය් කැපකළ ශ්‍රි ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක අතිපුජ්‍ය දවුල්දෙන ඥාණීස්සර නායක ස්වාමින්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය පලකරයි. උන්වහන්සේ ලක් දෙරණට සම්බුද්ධ සාසනයට සමස්ථ ලෝකයට ඉටුකළ ධර්ම ශාස්ත්‍රිය මෙහෙවර උත්තරීතර වන බව ඔහු පෙන්වා දෙයි. තායිලන්තය. මියන්මාරය වැනි බෞද්ධ රටවල්වලට ද උන්වහන්සේ අද්විතීය මෙහෙවරක් ඉටුකලහ. ධර්ම ග්‍රන්ථ හා ලිපිලේඛණ මග්ින් සමාජයට ලැබුනු දායකත්වය ද අගමැතිවරයා පෙන්වා දෙයි.


අතිපුජ්‍ය දවුල්දෙන ශ්‍රි ඤාණීස්සර මහානායක ස්වාමින්වහන්සේගේ අපවත්විම සම්බන්ධයෙන් අමෙරිකාව ශෝකය පලකරයි. ශ්‍රි ලංකාවේ අමෙරිකාවේ තානාපති අතුල් කේෂප් මහතා අමෙරිකානු ජනතාව වෙනුවෙන් එම ශෝකය පලකලේය. බුදුරජානන්වහන්සේගේ ඉගැන්විමේ වෙනුවෙන් පෙනි සිට ශ්‍රි ලංකාවාසින්ගේ ජීවිත නගාසිටුවිමට උන්වහන්සේ ගත් උත්සාහය මෙරට ජනතාවගේ මෙන්ම අමෙරිකානු ජනතාව අතරද ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වු බව තානාපතිවරයා සඳහන් කරයි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්