Sri Lanka Brodcasting Corporation

Sun03262017

Last updateSat, 25 Mar 2017 7am

දේශීය පුවත්

ශ්‍රි ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක නිරතවු පුරවැසියන් 89 දෙනෙකුට ජනපති අතින් ජාතික සම්මාන

මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ඨ මෙහෙවරක නිරතවු විශිෂ්ඨ ශ්‍රි ලාංකීකයන් ජාතික සම්මානයෙන් පිදුම් ලබයි.  ඒ අනුව ජාතික සම්මාන උළෙල 2017 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ නෙඑම් පොකුණ රගහලේදි පැවැත්වුනි.  එහිදි ජාතික සම්මානයෙන් ජාතීයේ සම්භාවනාවට පාත්‍රවුයේ මාතෘ භූමියේ සාඩම්බර පෞඩත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනගිභවනිය ගෞරවය හා ප්‍රගතිය වෙනුවෙන් කැපවු සම්භාවනිය ශ්‍රි ලාංකීකයන්ය.

 මෙය පැවැත්වුයේ වසර 12 කට පසුවය.  එහිදි මෙරට පුරවැසියෝ 89 දෙනෙක් සම්මානයෙන් පිදුම් ලැබුහ.  මෙහිදී ශ්‍රි ලාංකීකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රි ලංකාභිමාන්‍ය සම්මානය අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන්ට පිරිනැමුනි.  එම සම්මානය ඔහුගේ බිරිද විමලා අමරදේව මහත්මිය ලබාගත්තාය.  ලතා වල්පොල මහත්මිය හා දේවදාසන් කේසය්ියා ඇතුඑ දස දෙනෙක් දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබුහ.  හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු ජගත් ක්‍රිකට් තරග තිරක රංජන් මඩුගල්ල. ක්‍රිඩා ශූරී සුසන්තිකා ජයසිංහ. ශාන් වික්‍රමසිංහ ආචාර්ය පබ්ලිස් සිල්වා ලෙස්ලි දේවේන්ද්‍ර ඇතුඑ 9 දෙනෙක් දේශබන්ධු සම්මානයෙන් පිදුම් ලැබුහ.

 විද්‍යාජෝති සම්මාන 11 ක් පිරිනැමුනු අතර වෛද්‍ය කොල්වින් සමරසිංහ මහචාර්ය හරේන්ද්‍ර ද සිල්වා. මහාචාර්ය සරත් කොටගම. මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු ඇතුඑ 11 ස් දෙනෙක් ජනාධිපතිතුමා අතින් එම සම්මාන ලබාගත්හ.  ශ්‍රි ලාංකීය සහ පොදුවේ මානව වර්ගයා උදෙසා සිදුකළ විශිෂ්ඨ සේවය වෙනුවෙන් ශ්‍රි ලාංකීය පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා පිරිනැමෙන ශ්‍රි ලංකා රංජන සම්මාන දෙකක් ද පිරිනැමුනු අතර ආචාර්ය සරත් ගුනපාල සිද්ධාර්ථ කාවුල් යන මහත්වරු එම සම්මාන ලැබුහ.

 මිට අමතරව කළාකිර්ති සම්මාන 22 ක් ශ්‍රි ලංකා සිඛාමනි සම්මාන 7ක් විද්‍යානිධි සම්මාන 10 ක් කළාශූරි සම්මාන 13 ක් ශ්‍රි ලංකා තිලක සම්මාන 2 ක් සහ විර ප්‍රතාප සම්මාන 2 ක් ජනාධිපතිතුමා ඇතින් පිරිනැමුනි.  මෙම සම්මාන සඳහා අයඳුම්පත් 426 ක් ලැබී තිබුනි.  අගමැති රනිල් වික්‍රමසිංහ. කථානායක කරූ ජයසූරිය යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වුහ.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්