Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateSat, 16 Dec 2017 1pm

දේශීය පුවත්

ධීවර සංවර්ධනයට පළාත් මට්ටමින් ප්‍රතිපාදන

ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට වෙන්කළ මුදලින් පළාත් ධිවර කටයුතු සංවර්ධනය සඳහා ප්‍රතිපාදන බෙදා දෙයි.  ඒ අනුව එක් පළාතකට රුපියල් මිලියන 5 බැගින් පළාත් 9 ට රුපියල් මිලියන 45 ක් බෙදාදීම ඇමති මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් අද ධීවර අමාත්‍යාංශයේදි සිදුකෙරුණි.  පළාත් ධීවර අමාත්‍ය සමුඑව ද මෙහිදි පැවැත්වුන අතර ඊට බස්නාහිර. වයඹ. දකුණ නැගෙනහිර හා මධ්‍යම පළාත්ම ධීවර ඇමතිවරු එක්ව සිටියහ.  

වසර 2020 දි මත්ස්‍ය අපනයනයෙන් ඩොලර් බිලියන 1 ක් දශම 5 ක් උපයාගැනිම අපේක්ෂාවයි.  සමස්ථ මත්ස්‍ය නිෂ්පාදනය දළදේශිය නිෂ්පාදනයෙන් සියයට 2 ක් දක්වා වර්ධනය කිරීම බලාපොරොත්තුවයි.  එම ඉලක්ක ජයගැනිමට මඩකලපුවේ අක්කර දෙදහසක් ද මන්නාරමේ අක්කර තුන්දහසක ද ජල ජිවි වගා උද්‍යාන ආරම්භ කරන බව ඇමතිවරයා කිවේය.  එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ කකුඑවන් අපනයනය කිරීමේ නගරයක් ස්ථාපිත කෙරේ.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්