Sri Lanka Brodcasting Corporation

Sun04302017

Last updateSat, 29 Apr 2017 9pm

දේශීය පුවත්

චීන ආරක්‍ෂක ඇමති ජනපති හමුවෙයි.

ශ්්‍රී ලංකාවට පැමිණ සිටින චීන ආරක්‍ෂක ඇමති සහ රාජ්‍ය ආරක්‍ෂක උපදේශක ජනරාල් චෑන්ග් වන්ක්වාන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවෙයි.  එම හමුව අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන සබඳතාව එහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා මෙරට ස්වාධීනත්වයට සහ ජාතික ආරක්‍ෂාවට චීනයෙන් ලැබෙන සහාය අගය කළේය.   දිගුකාලයක සිට මෙරට ආරක්‍ෂක හමුදාවට චීන රජයෙන් ලබාදෙන පුහුණු අවස්ථා පිළිබඳ ජනාධිපතිතුමා චීන ආරක්‍ෂක ඇමතිවරයාට සිය ස්තුතිය පල කළ අතර ඉදිරියටත් එම අවස්ථා අඛණ්ඩව ලබාදෙනු ඇතැයි විශ්වාසය පල කළේය.   මෙරට යුද්ධය පැවැති අවස්ථාවේදී චීනය ලබාදුන් සහයෝගයද එතුමාගේ ඇගයීමට ලක්විය.

 දෙරට අතර මිත්‍රශිලී සබඳතා හේතුවෙන් ගිවිසුම් රැසකට එළඹෙන බව පැවසු ජනාධිපතිතුමා එම සියඵ ගිවිසුම් ශ්‍රී ලංකාවේ අභිමානයට . ස්වාධීනත්වයට සහ ජාතික ආරක්‍ෂාවට හානියක් නොවන පරිදි සිදුකෙරෙන බවද කීය.  එහිදී අදහස් දැක්වු චෑන්ග් වන්ක්වාන් මහතා වත්මන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජීය සහ ජනතා සුබ සිද්ධීය සදහා ශක්තිමත් පදනමක් වැටී ඇතැයි කීවේය.

 එය චීන රජයේ සතුටට කරුණකි.  චීන ආරක්‍ෂක ඇමතිවරයා එහිදී චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම්ද මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිරිනැමීය.  චීන ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට වසර 60 ක් වැනි දිර්ග කාලයක් වන බවත් එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම අරමුණ බවත් හෙතෙම කීය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්