Sri Lanka Brodcasting Corporation

Sat03252017

Last updateSat, 25 Mar 2017 7am

දේශීය පුවත්

වායු දුෂණය තවදුරටත් වළක්වා ගැනීමට නව වැඩපිළීවෙල රැසක්.

වායු දුෂණය තවදුරටත් වළක්වා ගැනීම සදහා නව වැඩපිළීවෙල කිහිපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වායු විමෝචන ව්‍යාපෘති අධ්‍යක්‍ෂ විමල් දිසානායක මහතා පවසයි. ඒ යටතේ වාහන නඩත්තු කිරීම පිළිබඳව වාහන හිමිකරුවන් හා රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන 28 වැනිදා දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවේ. වාහනය වසරකට වරක් වායු විමෝචනයට ලක්කිරීමෙන් පසු ඊලග වසර දක්වා එය නිසිලෙස නඩත්තු නොකරන පිරිස් සිටින අතර එමගින් අහිතකර වායු පිටවීමට ඇති ඉඩකඩ වැඩි බව හෙතෙම සදහන් කරයි. මේ පිළිබඳව ජනතාව දැනුවත් කර ඒවා අවම කරගැනීමට මේ යටතේ පියවර ගැනේ. මීට අමතරව වායු දුෂණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමටද නියමිතයි. එහි පළමු වැඩසටහන 30වැනිදා කොළඹ සව්සිරිපායේදී පැවැත්වේ. ඒ සදහා පොලිස් නිලධාරිහු සිය දෙනෙක් සහභාගී වෙති

දුම් පරීක්‍ෂණ කටයුතු දැනට සිදුකරන්නේ පෞද්ගලික ආයතන දෙකක් මගිනි. ඒ සදහා අවශ්‍ය ආයතන හදුනාගැනීමට ඉදිරියේදී ටෙන්ඩර් කැදවන බව ඔහු සදහන් කරයි. ලංකා ගමනාගමන මණ්ඩලයටද පළාත් 9 තුළ එවැනි මධ්‍යස්ථාන 9 ක් පිහිටුවා ගැනීමට පහසුකම් සපයන බවද හෙතෙම කියයි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්