Sri Lanka Brodcasting Corporation

Sun03262017

Last updateSat, 25 Mar 2017 7am

දේශීය පුවත්

රටට අවශ්‍ය වෙනස කුමන අභියෝග මැද වුවද ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ආණ්ඩුවේ වැඩපිළීවෙල පිළීබඳව  ප්‍රශ්න  කරන අය  රටේ තිබු ක්‍රමයත් දැන් තිබෙන ක්‍රමයත් පැහැදිලිව තේරුම් ගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසය. රටට අවශ්‍ය එම වෙනස කුමන අභියෝග හමුවේ වුවද  ඉටු කරන බව  ජනාධිපතිතුමා  ප්‍රකාශ කළේ වරකාපොළ මුලික රෝහලේ  නවමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරා දිමේ උත්සවයට ඊයේ එක්වෙමිනි.

අද රටේ සියලු ක්ෂේත්‍රවල සිදුව තිබෙන වෙනස ඉතා පැහැදිලි බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා රටේ ස්වාධින අධිකරණ පද්ධතියක් මේ වනවිට නිර්මාණය වී තිබෙන බව පැවසිය. නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිමට රජය පියවර රැසක් ගෙන ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉටු කිරිමට නොහැකිව බාධා එල්ල වී තිබු  බොහෝ කාර්යයන් අද ඉටු කර තිබෙන බවත් බහුජාතික සමාගම් පසුපස යාමට රජය කිසිවිටෙකත් සූදානම් නැති බවත් ජනාධීපතිතුමා පැවසිය. 

ජනතාව රට වෙනුවෙන් භාරදුන් වගකිම නිසිලෙස ඉටු කරන බව එතුමා ප්‍රකාශ කළේය. රෝහල් ගොඩනැගිලි ඉදිකරන විට රෝහලේ අවශ්‍යතා සේම කාර්ය මණ්ඩලයේ පහසුකම් පිළීබඳවද අවධානය යොමු කළ යුතුය. වෛෙද්‍ය, හෙදි ඇතුඵ රෝහල් කාර්ය මණ්ඩලය මුහුණ දී සිටින නේවාසික ගැටඵ් විසදිමට එම සැලසුම් තුළ අවධානය යොමු විය යතු බව ජනාධිපතිතුමා පැවසිය. ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිවරයාව සිටින  අවධියේ එතුමා අතින් මුල්ගල  තබන ලද මෙම ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන  1103 කි.  

 නවින උපකරණ සහිත අංග සම්පුර්ණ  සයමහල්  සායනික ගොඩනැගිල්ලක් ලෙස එය ඉදි කර තිබෙ. රෝහල් ගොඩනැගිල්ල  විවෘත කළ ජනාධිපතිතුමා  එහි  ශල්‍යාගාරයේ, දැඩි සත්කාර ඒකකයේ සහ නොමේරු ළදරු ඒකකයේ නිරික්ෂණ චාරිකාවක  ද නිරත විය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්