Sri Lanka Brodcasting Corporation

Fri10202017

Last updateFri, 20 Oct 2017 10am

දේශීය පුවත්

නව රජය බලයට පත් කර ගනිමින් ජනතාව තැබු විශ්වාසය කඩ නොකරන බවට ජනපතිගෙන් ප්‍රතිඥා

නව රජය බලයට පත් කර ගනිමින් මෙරට ජනතාව තැබු විශ්වාසය කඩවීමට කිසිසේත් ඉඩ නොතබන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහතික වෙයි. කුමන දේශපාලන මතයක් දැරූවද රජයේ වැඩපිළිවෙලට සහාය දැක්වීම සියඵ දේශපාලන පක්ෂවල වගකීමයි. බලයේ සිටිමින් රාජ්‍ය වත්කම් රාජ්‍ය දේපල හා භාණ්ඩාගාරය පෞද්ගලිකව පරිහරණය කළ පුද්ගලයන් උත්සාහ දරන්නේ නැවත බලයට පැමිණ එම වරප්‍රසාද යලි දිනාගැනිමට බව පවසන ජනාධිපතිතුමා වසර 05 කින් එළඹෙන මහ මැතිවරණයකදි ජනතා කැමැත්තෙන් මිස රජය වෙනස් කිරිමට කිසිවිටකුටත් නොහැකි බව අවධාරණය කරයි. එරාවුල් අලිහාර් ක්‍රිඩාංනගයේ ඊයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පල කළේය.

වත්මන රජය වසර ගණනාවක් ඉක්මගිය රජයක් නොවේ. තවම ගතවී ඇත්තේ වසර දෙකක් පමණි. නව රජයක් ලෙස කටයුතු කිරිමට කාලය පැවතියද රටත් ජනතාවටත් වෙනුවෙන් අද ඉටුකළ යුතු වගකිම අදම ඉටු කරන බව එතුමා පැවසිය. ශක්තිමත් රජයක් ලෙස ඉදිිරියට යමින් සංවර්ධනය වු රටක් ලෙස රට ගොඩනගන බව පැවසු ජනාධිපතිතුමා ජනාධිපතිවරයා ලෙස දුප්පත් මිනිසුන්ගේ හඩට සවන්දිමට තමා නිරතුරු සූදානමින් සිටින බව සදහන් කළේය. ජනතාව නව රජයක් බලයට පත් කර ගත්තේ පැවති රජය සිදුකළ ආකාරයේ දුෂණ වංචා සිදුකරමින් වැරදි කිරිමට නොවේ. පැවති රජයේ මෙන්ම වත්මන් රජයේද එවන් ක්‍රියා පිළිබඳව ජනතා මතය අනුව යමින් තීන්දු තීරණ වලට එළඹිමට ඉදිරියේදි තමාට සිදුවන බව ද ජනාධිපතිතුමා පැවසිය.

තිරසර යුගයක තෙවසර ඇරඹුම නැගෙනහිර පලාත් ජන හමුව ලෙස මෙම ජන හමුව සංවිධාන කර තිබිණි. මේ අතර ඊයේ පෙරවරුවෙි ජනාධිපතිතුමා නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයතු සොයා බැලිය. සමන්තුරේ මුස්ලිමි මහා විද්‍යාලය හා කල්මුණේ මහමුද් කාන්තා විද්‍යාලය වෙත ගිය එතුමා ඒවායේ පැවති අඩුපාඩු සොයා බැලිය. අක්කරෙයිපත්තුව මුලික රෝහල ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්විය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්