Sri Lanka Brodcasting Corporation

Mon05212018

Last updateMon, 21 May 2018 1pm

දේශීය පුවත්

යුධ සමයේදී සියලු ආරක්ෂක අංශ කළ කැපවීම සෑම විටම කෘතවේදීව සිහිපත් කරන බව ජනාධිපතිතුමා කියයි.

පසුගිය යුධ සමයේදි යුධ නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව සේම පොලීසිය ඇතුඑ සියලු ආරක්ෂක අංශ ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවිම සැමවිටම කෘතවේදිව සිහිපත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි. එමෙන්ම ඔවුන්ට ලබාදිය හැකි ඉහළම ගෞරවය ලබාදිමට ක්‍රියා කෙරේ.

හෙට දවසේ අභියෝග ජයග්‍රහණය කිරිම උදෙසා ඔවුන් සියලුදෙනා සෑම අතින්ම ශක්තිමත් කිරිමේ වගකිම රජය නොපිරිහෙළා ඉටුකරන බව එතුමා කියා සිටි ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය සහ රෙජිමේන්තු යෂ්ටිය ප්‍රදානය කිරිම වෙනුවෙන් අද පස්වරුවේ අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේ පැවති උත්සවයේදි එතුමා මේ බව කිවේය. අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත පැමිණි ජනාධිපතිතුමාව එහිදී අභිමානවත් අයුරින් පිළිගනු ලැබිනි අනතුරුව එතුමා ආචාර පෙළපාලිය නිරික්ෂණය කලේය. එහි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පුස්තකාලය ද විවෘත කෙරුණි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්