Sri Lanka Brodcasting Corporation

Fri09222017

Last updateFri, 22 Sep 2017 1pm

දේශීය පුවත්

ත්‍රස්තවාද විරෝධී පනත් කෙටුම්පතට අදාල ප්‍රතිපත්ති හා නෛතික කාර්ය රාමුව සකස් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය .

ත්‍රස්තවාද විරෝධී පනත් කෙටුම්පතට අදාල ප්‍රතිපත්ති හා නෛතික කාර්ය රාමුව සකස් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමිවේ . ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සදහා අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පැවසුවේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් හා ප්‍රහාරවලින් මෙරට ජාතික ආරක්ෂාව හා ජනතාව මුදාගෙන ආරක්ෂාව සැලසීම මෙහි අරමුණ බවයි. රටේ ඒකීයත්වය භෞමික අඛණ්ඩතාව හා ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමට රජය ප්‍රමුඛතාව ලබා දෙයි. මෙම පනත් කෙටුම්පතට අදාල කාර්ය රාමුවට අනුකූලව අදාල ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය අනුමත කර තිබේ.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්