Sri Lanka Brodcasting Corporation

Sun01222017

Last updateSun, 22 Jan 2017 6pm

දේශීය පුවත්

මොරගහකන්ද ජලාශයට මංගල දියවර නිකුත් කෙරේ.

මොරගහකන්ද ජලාශය සදහා  මංගල දියවර නිකුත් කිරිම  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරිණී.  මෙම ජලාශයේ විශාලත්වය පරාක්‍රම සමුද්‍රය මෙන් හයගුණයකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන්  ව්‍යාපෘතිය වන්නේද එයය.  මෙය බහුකාර්ය  ව්‍යාපෘතියකි  ඒ සදහා ඩොලර්   මිලියන  555 කට වැඩි මුදලක් වැය කෙරිණි.  

 එමගින්  උතුරුමැද . වයඹ  හා නැගෙනහිර පළාත්වල  ඉඩම් අක්කර ලක්ෂ  03 ක්  අලුතින්  අස්වැද්දිමට  සැලසුම් කර තිබෙ.්   රජරට ප්‍රදේශයට පිරිසිදු පානිය ජලය ලබාදිමද තවත් අරමුණක් වේ.  මොරගහකන්ද  ජලාශයේ සිට මධ්‍යම ඇළ මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරිම ද ජනාධිපතිතුමා අතින් අද සිදුවිය.  ඒ යටතේ කිලෝමිටර්  26 ක දුරකට ජලය ගෙනයන අතර මහකනදරාව. හා  කවුඩුල්ල.ජලාශ  දක්වා එය ක්‍රියාත්මකයි.  තුන් අවුරුදු  ව්‍යාපෘතිය සදහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන  450 ක් වැය කිරිමට නියමිතයි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්