Sri Lanka Brodcasting Corporation

Fri08182017

Last updateThu, 17 Aug 2017 8pm

දේශීය පුවත්

මේ වසරේ ගෙවුණු දින දහය තුළ ඩෙංගු රෝගින් දහසක්.

       මේ වසරේ ගත වු දින දහය තුළ ඩෙංගු රෝගීන් දහසක් හමු වි ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික  ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.  ඉකුත් වසරේදි සෞඛ්‍ය අමාත්‍යංශය හා එම ඒකකය ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහන් වල සමස්ත වාර්තාව දැන් එලිදක්වා  තිබෙ.්  ඒ අනුව පරීක්ෂාවට ලක් කර ඇති මුඵ පරිශ්‍ර සංඛ්‍යාව විසිදෙලක්ෂ අනුඅටදහස ඉක්මවයි . එහිදි මදුරු  කීටයන් සහිත පරිශ්‍ර හතලිස්දහසකට වැඩි සංඛ්‍යාවක් හදුනා ගෙන .තිබේ.   පරිශ්‍ර දහතුන් දහසකට පමණ නඩු පවරා ඇත.

 තවත් අනුහත්දහසකට වැඩි පරිශ්‍ර සංඛ්‍යාවකට  නොතිසි  නිකුත් කර තිබෙ.්   වැඩිම මදුරු කීටයන් හමුව ඇත්තේ  නිවාස ආශ්‍රිත  පරිශ්‍ර වලිනි.  පාසල්  667 කින්ද මදුරු කීටයන් හමු වී තිබේ.   ඒ අනුව පාසල්   81 කට සහ පෞද්ගලික ආයතන  713 කටද  නඩු පවරා ඇත.  සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලිම අනුව  අධ්‍යාපන අමාත්‍යංශය ඩෙංගු වලින් තොර පාසල් හා අධ්‍යාපන ආයතන පරිශ්‍රයක්  පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛයක් සියලු විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත.  ඩෙංගු මදුරු පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට  ක්‍රියාත්මක නිතිරිති වෙනස් කිරිමටත් දඩමුදල් සංශෝධනය කිරිමටත්  සෞඛ්‍ය අමාත්‍යංශයේ  අවධාන යොමු  වී තිබෙ.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්