Sri Lanka Brodcasting Corporation

Wed04262017

Last updateWed, 26 Apr 2017 5pm

දේශීය පුවත්

මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදා හැරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

 මොරගහ කන්ද ප්‍රධාන ජලාශයට මංගල දියවර මුදා හැරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරේ.

ඒ සූහා අවශ්‍ය සියල්ල සූදානම් බව එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි. මොරගහකන්ද-කලු ගග වාරි යෝජනා ක්‍රමය යටතේ ඉදි වුණු මොරගහකන්ද ජලාශය වර්ග කිලෝ මීටර් 29 ක් පුරා පැතිර පවතී.

වාරි පහසුකම් සහ විදුලිය ජනනය සඳහා ඉදි කෙරෙන මෙම ඒකාබද්ධ ව්‍යාපෘතියට මොරගහකන්ද ජලාශය සහ වේල්ල ඉදි කිරීම සහ කලු ගග ජලාශය සහ වේල්ල ඉදි කිරීම ඇතුලත් වේ. වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් බිලියන එකයි දශම 2 කි. ජලාශවල සහ වේලිවල ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතී. අඹන් ගග හරස් කොට ඉදිවන මොරගහකන්ද ජලාශය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිවන අවසන් විශාල ජලාශයයි.

 එම ව්‍යාපෘතිය ජනාධිපති සිරිසේන මැතිතුමා වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව සිටි 2007 වසරේදී ආරම්භ කරන ලද්දකි.  ව්‍යාපෘතිය නිමවීමෙන් පසු වියළි කලාපයේ හෙක්ටයාර් 81 දහස් 400 කට මෙමගින් ජල පහසුකම් සැපයේ.  අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය නගර සදහා පානිය සහ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය ජල පහසුකම් සැපයෙන අතර උතුරු . උතුරුමැද. නැගෙනහිර සහ වයඹ පලාත්වල අලුතින් හෙක්ටයාර් පන්දහසක් වගා කිරීමට අවශ්‍ය ජල පහසුකම් ද සැපයෙනු ඇත.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්