Sri Lanka Brodcasting Corporation

Sat02252017

Last updateFri, 24 Feb 2017 12pm

දේශීය පුවත්

රටක් වශයෙන් නැගීසිටීමට ශක්තිය ඇති අප යැපුම් මානසිකත්වයෙන් මිදිය යුතු බව ජනපති පෙන්වා දෙයි.

කිසිදු තැනක භුමිය පාවා දි නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරනය කරයි. අපට රටක් වශයෙන් නැගි සිටිමට ශක්තිය ඇත. යැපුම් මානසිකත්වයෙන් අප මිදිය යුතුය. ඒ සදහා අවශ්‍ය තීරණ ගන්නා විට රජය පෙරලිමට ඇතැම් අය උත්සහ දරති. එහෙත් යමෙකු සිතා සිටින ආකාරයෙන් ආණ්ඩු පෙරලිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති තිරසර යුගයක තෙවසර ඇරඹුම උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පලකලේය. ශ්‍රම ශක්ති වැඩසටහන ස්වශක්තියෙන් නැගිසිටින වැඩසටහනක් බවද ජනාධිපතිතුමා සදහන් කලේය.

දිළිදු බව තුරන් කල රටක් වශයෙන් ඉදිරියට යාමට තිරසර සංවර්ධන ප්‍රවේශය ආරම්භ කර ඇත. ඒ වෙනුවෙන් කැපවන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා සියලු දෙනා රට වෙනුවෙන් යුතුකම් ඉටුකල යුතු බවද පැවසිය. වත්මන් රජය සිදුකලේ කුමක්දැයි ඇතැම් අය ප්‍රශ්ණ කරති. එදා මේ රටේ නිදහස පිලිබදව ද ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදවද මාධ්‍ය අයිතිවාසිකම් මාධ්‍ය නිදහස පිලිබදව ප්‍රශ්ණ තිබිණ.

එහෙත් මෙදෙවසර තුල කිසිදු මාධ්‍යවේදියෙකු ඝාතනය වි නැත. කිසිවෙකු රට හැරගොස් නැති බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රටේ ඒකියභාවය ආරක්ෂා කරමින් සංහිදියාව ශක්තිමත් කරමින් සැමට සාධාරණත්වය ඉෂ්ටකරමින් රට ඉදිරියට ගෙනයාමට අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව පවති. අප ඉදිරිපත් කල මැතිවරණ ප්‍රකාශය අනුව ජනතාව ජයග්‍රහනය ලබාදී ඇත. නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කොට සහෝදරත්වයෙන් රට ගොඩනගන රජයකට ඇගිල්ල දිගු කිරිම වරදක් බවද ජනාධිපතිතුමා එහිදි පැවසිය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්