Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateTue, 21 Nov 2017 8pm

දේශීය පුවත්

රජයේ සංවර්ධන ගමන් මග කඩාකප්පල් කිරිමට වෑයම් කිරිම ජනතාවට කරන ද්‍රෝහිකමක් බව අගමැති කියයි.

ජනපති පදවිප්‍රාප්තයේ තුන්වන වසර ආරම්භ වන්නේ සංවර්ධනයේ ලකුණුත් සමග බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දකුණු ආසියාව ලොව සිඝ්‍රයෙන් දියුණු වන කලාපයයි. ශ්‍රී ලංකාවෙහිද එවැනි වේගවත් සංවර්ධනයක් අද දියත් වී තිබේ. විවිධ මත සහිත දේශපාලන පක්ෂ, සිවිල් සමාජ, එකතුව සැබෑ පාලනයක් සහ සාමයක් ඇති කිරීම ආරම්භ කර ඇත. විනාශ වු රටක බෙදී සිටි ජනතාව එකතු වී සිටිති. වසර 50 ක් 60 ක් දේශපාලන වශයෙන් සටන්වැද සිටි පිරිස් එකට එකතුව ගමන් කරමින් සිටිති. එමගින් ශ්‍රී ලාංකික යන හැගිම ඇති කරගෙන ඉදිරියට යාමට කටයුතු කර තිබෙන බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. අද රටේ ජනතාවට නිදහස ඇත.

මාධ්‍ය මගින් රජයේ අඩුපාඩු පෙන්වා දීමට ඉඩකඩ ලබාදී තිබේ. රටේ ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ලබාදීමට රජය කටයුතු කරමින් සිටී. ඇතැම් අය මේ ගමන කඩාකප්පල් කිරීමට වෑයම් කරති. එය රටේ ජනතාවට කරන ද්‍රෝහිකමක් බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය. රජයේ තෙවන වසර යනු සංවර්ධනය වන කාලයයි. එය ඉලක්ක කොට නව නීතිරීති ගණනාවක් ගෙන ඒමට සිදුවී තිබේ. අපගේ ආකල්ප වෙනස් කර ගනිමින් කටයුතු කිරීමේ කාලය එළැඹ ඇති බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. උත්සවයේ ප්‍රධාන දේශනය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රීී චන්ද්‍රබාබු නායිදු මහතා විසින් සිදු කරන ලදි. රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව යන මේ ගමන ආදර්ශයක් බවත් රටේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමට එය හේතු වනු ඇති බවත් නායිදු මහතා සදහන් කළේය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්