Sri Lanka Brodcasting Corporation

Wed09202017

Last updateWed, 20 Sep 2017 6pm

දේශීය පුවත්

දිළිදුකම පිටුදැකිමේ රජයේ වැඩපිලිවෙලට ආන්ද්‍රා ප්‍රදේශ් හි සහය පලවෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල විප්ලවිය නායකයෙකු බව ආන්ද්‍රා ප්‍රදේශ් හි මහ ඇමති ශ්‍රි චන්දබාබු නායිදු මහතා පවසයි. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රි ලංකාවේ භාෂා 3 ක් කතා කරන ජාති හා ආගම් කිහිපයකට අයත් ජනතාව ඒකරාශි කරමින් එකම ශ්‍රි ලාංකික ජාතියක් නිර්මාණය කර ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. ජාතිකත්වය හා දේශප්‍රේමය රටකට අත්‍යාවශ්‍ය වුවත් ආගමික හා වාර්ගික අන්තවාදය මුලිනුපුටා දැමිය යුතු බව හෙතෙම කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදිය.

ශ්‍රි ලංකාව සත්කාරකත්වයෙන් ශක්තිමත්ය. ඉන්දියාව තාක්ෂණයෙන් ශක්තිමත්වෙයි. මේ දෙරටේ සහයෝගිතාවය දෙරටටම වාසි අත්වන බව ඔහු එහිදි පැවසිය. දියුණු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරිමෙන් ශ්‍රි ලංකාවට ඉතා හොද අනාගතයක් උදාවන බවට හෙතෙම විශ්වාසය ද පලකලේය. ආන්ද්‍රා ප්‍රදේශ් ආයෝ්ජකයෝ මෙරට සංචාරයක, ඇගලුම් ආදි ක්ෂේත්‍ර රැසක ආයෝජනය කිරිමට සුදානමින් සිටිති.

දිළිදුකම පිටුදැකිමට රජය ගෙන යන වැඩපිලිවෙල ඉන්දියාවේ සහ විශේෂයෙන් ආන්ද්‍රා ප්‍රදේශ් හි සහය ලබාදෙන බවද නායිදු මහතා පැවසිය. පාසල්විය අවසන් වන විටම තරුණයන්ට වෘත්තිය නිපුණතාව ලබාදිය යුතුය. සේවක ඵලදායිතාවද වැඩිකල යුතුය. ජනතාව සතුටින් සිටින්නේ නම් රටකට සෞභ්‍යාගය උදාකර ගැනිමට පහසු බවද හෙතෙම කිය.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්