Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateTue, 21 Nov 2017 8pm

දේශීය පුවත්

රාජ්‍ය විශ්ව විද්‍යාල ආරක්ෂා කොට නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරිමට පූඑල් පියවර

රාජ්‍ය විශ්ව විද්‍යාල ආරක්ෂා කොට නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් සැලසුම් සකස්කර ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.  ඒ යටතේ වෛද්‍ය පීඨ 3 ක් ද තාක්ෂණ පීඨ 7 ක් ද සරසවි සිසුන් සඳහා රක්ෂණ ක්‍රමයක් ද ඇතිකෙරේ.  මහපොල ශිෂ්‍යත්ව නිර්නායකයන් පුඑල් කොට තවත් ළමයින් තුන්දහසකට මහපොල ශිෂ්‍යත්ව ලබාදිමට ක්‍රියා කෙරේ.  දියුණු රටවල් අධ්‍යාපනය සඳහා මුදල් වෙන්කිරිමේදි සියයට 80 ක්ම යොදවන්නේ පෞද්ගලික අධ්‍යාපනය සඳහාය.  එහෙත් වත්මන් ශ්‍රි ලංකා රජය රාජ්‍ය අධ්‍යාපනය සඳහා සියයට 95 ක මුදලක් යොදවයි.  සයිටම් ආයතනය ක්‍රමානුකූලව අහෝසිකර ලාභයෙන් තොර ආයතනයක් පිහිටුවා පෞද්ගලික අංශයේ අධ්‍යාපනය සඳහා යොමු කෙරේ.  පසුගිය කාලයේ වෛද්‍ය පිඨ වසාදැමීම පිටුපස විපක්ෂය සිටි බව ඔහු චෝදනා කලේය.  මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් 3 කින් ඉදිකෙරේ.  ඉකුත් රජය අධිවේගී මාර්ග පමණක් නොව සෙසු සියලු මාර්ග ද ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඉදිකරනු ලැබීය.  විදේශීය රටවලට අධ්‍යාපනය සඳහා සිසුන් යවන ආයතන 100 ක් පමණ මෙරට තිබේ.  ඉන් 26 ක් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකදිී හෙළිවී ඇත්තේ  රුපියල් දසලක්ෂ හත්දහසක මුදලක් විදේශිය අධ්‍යාපනය සඳහා වැය කරන බවයි.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ලබන 08 වැනිදා ජනාධිපතිතුමා වෙත

බැඳුම්කර කොමිසම සිය වාර්තාව ලබන 08 වැනිදා ජනාධිපතිතුමාට බාරදිමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.  ඉන් පසු ඒ පිළිබඳ නිත්‍යානුකූලව ක්‍රියා කරනු ඇතැයි ඔහු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිවේය.  හෙට රාත්‍රියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි.  එහිදි සියලුදෙනා මේ පිළිබඳව උපරිම පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ද අබේවර්ධන මහතා කිවේය.  එදාමෙදාතුර කොමිසන් අතුරින් වඩා සුවිශේෂී වු කොමිසම මෙය බව ඔහු පෙන්වා දෙයි.  මෙම කොමිසම හමුවේ දිවුරුම් ප්‍රකාශයකින් අගමැතිවරයාට සාක්ෂි දිමට හැකියාව තිබුනත් ඒ සඳහා ඔහුම ඉදිපත්විම පිළිබඳව ස්තූතිය පලකරන බව ඒ මහතා කීවේය.  යුධ නෞකාවක් මිලදි ගැනිම පිළිබඳව අදහස් දැක්වු ඔහු මෙවැනි නෞකාවක අවශ්‍යතාව 2009 වසරේ සිට පැවති බව සඳහන් කලේය  රුසියාව මෙම නෞකාව ඩොලර් මිලියන 100 කට වඩා අඩු මිලකට ලබාදිමට එකගතාව පලකර තිබේ.  මුහුදු තීරයේ ආරක්ෂාව සඳහා මෙම නෞකාව ඉතා වැදගත්ය.  ඉදිරි පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතුයැයි මතයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සිටින බවද ඔහු අවධාරණය කලේය.

2015 දක්වා ඉකුත් රජය සිදුකල බැඳුම්කර නිකුතු පිලිබඳව ද පරික්ෂණයක් අවශ්‍ය බව අවධාරණය කෙරේ

2008 දී සෘජු ක්‍රමයට බැූඳුම්කර නිකුතු පෞද්ගලික අංශයට ලබාදිම නතරකර තිබියදි එය උල්ලංගනය කරමින් පෞද්ගලික අංශයට සෘජු ක්‍රමය යටතේ 2015 දක්වා සිදුකර ඇති බැඳුම්කර නිකුතු පිලිබඳව ද පරික්ෂණයක් පැවැත්විය යුතු බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කියයි.

සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමට යාපනයේදි සර්ව ආගමික හමුවක්

සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමට යාපනය දිස්ත්‍රික්කයේ සර්වාගමික නායකයන්ගේ මුළිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් යාපයනය ශ්‍රී නාග විහාරයේදි පැවැත්වුනි.  අමරපුර ශ්‍රි ධම්මරක්ඛිත නිකායේ මහානායක අති පුජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුවට සෑම ආගමක්ම නියෝජනය කරමින් ආගමික නායකයෝ එක්වුහ. මෙහි මුළික අරමුණ වුයේ ජාති ආගම් බේදයකින් තොරව ශ්‍රි ලංකාව තුල සියලු ජන කොටස්වලට සමගියෙන් එකමුතුව විනය ගරුක සාරධර්මවලින් පිරි රටක් බිහිකර ගැනිමයි.  යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා මෙය සංවිධාන කලේය.  මේ වසරේදී යාපනය දිස්ත්‍රික්කයේ පැවති දෙවැනි සර්වාගමික නායක හමුව මෙයයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය සංචාරය සදහා පිටත්ව යයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සදහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. එම සංචාරයේදී වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවරදී ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි.  අගමැතිවරයා ඉන්දිය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාද හමුවීමට නියමිතයි. 

Read more...

කෝප් කමිටු සාමාජිකයන්ගේ දුරකථන තොරතුරු හෙලිවීමෙන් මන්ත්‍රි වරප්‍රසාද කඩවී ඇද්දැයි සොයා බැලීමට එය වරප්‍රසාද කමිටුවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් පස්දෙනෙකුගේ දුරකථන තොරතුරු හෙලිවීමෙන් මන්ත්‍රි වරප්‍රසාද කඩවී ඇද්දැයි සොයා බැලීමට එය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමු කරන බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. කමිටුවේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුගේ දුරකථන තොරතුරු හෙලි කිරීමෙන් ඔවුන්ගේ වරප්‍රසාද කඩවු බවට සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ කළ ප්‍රකාශයට පිලිතුරු දෙමින් කථානායකවරයා ඒ බව සදහන් කළේය. පක්ෂ නායක රැස්වීමක් කැදවා ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවද ඔහු සදහන් කලේය.

Read more...

කෙටි පණිවිඩ හා සමාජජාල මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාර කරන්නන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග.

කෙටි පණිවිඩ හා සමාජජාල මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා පුඵල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.  රටේ ඛණිජ තෙල් හිගයක් ඇති බව පවසමින් පසුගිය දිනවල එවැනි අසත්‍ය ප්‍රචාර පැතිර ගියේය.

Read more...

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුඵ තිදෙනාට ඇප නියම කෙරේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුඵ තිදෙනා ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග

Read more...

සෞඛ්‍ය ක්ෂේත්‍රය යාවත්කාලීන කිරීමට අවශ්‍ය සියලු පහසුකම් රජය ලබාදෙන බව ජනාධිපතිතුමා කියයි.

ලොවපුරා සිදුකෙරන නව පර්යේෂණ හා සොයාගැනිම් තුල නිරන්තරයෙන් සිදුවන වෛද්‍ය විද්‍යාවේ වෙනස්විම් හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ද යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙයි. 

Read more...

අගමැතිතුමාගේ ඉන්දීය සංචාරය අද ඇරඹේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සදහා දිවයිනෙන් අද පිටත්ව යයි.  වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවරදී ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. 

Read more...

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්