Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

විශේෂාංග පුවත්

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින අපේක්ෂකයන්ට උපදෙස් මාලාවක්.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන අගහරුවාදා ඇරඹේ. නව හා පැරණි විෂය නිර්දේශ යටතේ ලබන 21 වැනිදා දක්වා විභාගය පැවැත්වේ. විභාගයේ අපේක්ෂකයන්ට. විදුහල්පතිවරුන්ට හා දෙමව්පියන්ට විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා උපදෙස් මාලාවක් නිකුත්කර තිබේ. විභාගය පෙරවරු 8.30 ට ආරම්භ වන අතර පෙරවරු 8.10 වනවිට සියලු අයදුම්කරුවන් ප්‍රවේශ පත්‍රයේ සදහන් නියමිත විභාග මධ්‍යස්ථාවනයට පැමිණිය යුතුය. එසේ පැමිණෙනවිට විභාග ප්‍රවේශපත්‍රය සමග ජාතික හැදුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් රැගෙනඒම අනිවාර්යවේ. විභාගයට පෙර ප්‍රවේශ පත්‍රයේ තම අයඳුම් කළ විෂයයන් හා අත්සන සහතික කිරීම ආදි වැදගත් කරුණු පිළිබඳව හොඳින් පරීක්ෂා කළ යුතුය. කිසියම් වෙනසක් ඇත්තම් ඒ බව විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.


විභාගයේදී අයදුම්කරුවන් ස්මාර්ට් අත්ඔරලෝසු. ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මගින් විභාග වංචා සිදු කරන්නේ ද යන්න පිළිබඳව සුවිශේෂි අවධානයක් යොමු කරන්නැයි විභාග ශාලාධිපතිවරුන්ට දැනුම්දී තිබේ. එවැනි වංචා සිදුකරන අයදුම් කරුවන්ට වසර පහකට විභාග දෙපාර්තමේන්තුව පවත්වන සියලු විභාග සදහා පෙනි සිටිම තහනම් කෙරේ. මෙවර විභාගයේ ප්‍රතිඵල ද අවලංගු කෙරේ.


විභාගය පැවැත්වෙන අවස්ථාවේ බාහිර පාර්ශ්වවලින් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ බව විභාග දෙපාර්තමේන්තුවට හා පොලිස් මුලස්ථානයට දැනුම් දෙන්නැයි විභාග ශාලාපතිවරුන්ට දැනුම්දී තිබේ. විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අවසර නොලත් කිසිදු පුද්ගලයෙකුට විභාග මධයස්ථානවලට ඇතුඵවිය නොහැකිය. විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල්වල ඉදිකිරීම් කටයුතු සිදුකිරීම. පන්ති. ක්‍රිඩා උත්සව හා රැස්වීම් පැවැත්වීම මුඵමනින්ම තහනම් වෙයි. විභාග ශාලාව තුළ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් විභාග අපේක්ෂකයන්ට හා දෙමව්පියන්ට ද ඒ බව විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දිය හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික දුරකථන අංකය වන 1911 හෝ පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 මගින් ඒ බව දැනුම්දිය හැකිය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්