Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

විශේෂාංග පුවත්

ලබන වසරේ අලි සංගණනයක් .

මෙරට අලි ගහනය පිළිබඳව සංගණනයක් පැවැත්වේ.  ලබන වසරේ ජුනි හා අගෝස්තු මාසවලදී එය පැවැත්වීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.  මෙරට අලි සංගණනයක් අවසන් වරට පවත්වා ඇත්තේ 2011 දීය.  මෙරට අලි ගහනය නිශ්චිතව හදුනා ගැනීම අවශ්‍ය බැවින් යලි සංගණනයක් සිදුකිරීමට තීරණය කළ බව වනජිවි අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මහතා කියයි. අලි-මිනිස් ගැටුම අවම කිරීම කෙරෙහි ද ප්‍රමුඛ අවධානයක් යොමුකර තිබේ.  දැනට ඇති විදුලි වැටට අමතරව ජනාවාස ගම්මාන වටකර විදුලිවැට ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.  වනෝද්‍යාන 26 ක්හා රක්ෂිත වනාන්තර 111 ක් දැනට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවති.  ඒවා වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙලක් ලබන වසරේ ඇරඹේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්