Sri Lanka Brodcasting Corporation

Mon12112017

Last updateMon, 11 Dec 2017 10am

විශේෂාංග පුවත්

බොරැල්ල සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරුව ලබන 15 වැනිදා සිට

කොළඹ බොරැල්ල මංසන්ධියේ සිට  මරදාන  .  ටෙක්නිකල්  හන්දිය හරහා පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරුව   ලබන 15 වැනිදා විවෘත කෙරේ.   එය පසුගිය  බ්‍රහස්පතින්දා විවෘත කිරිමට නියමිතව තිබුණද අයහපත් කාලගුණය  හේතුවෙන් එහි ඉදිකිරිම් පමාවු බව බස් ප්‍රමුඛතා මංතිරු වැඩපිළිවෙලේ  උපදේශක  මහාචාර්ය  අමල් කුමාරගේ මහතා අප කළ  විමසුමකදි පැවසිය. 

කිලෝමිටර්  25 ක් දුරට මේ වනවිට බස් ප්‍රමුඛතා මංතීරු  සකස් කර තිබෙ.්  මේ වසර අවසන් විමට පෙර තවත්  කිලෝමීටර් 10 ක් සකස් කිරිමට විධිවිධාන යොදා  තිබෙ. බස් ප්‍රමුඛතා මංතීරු වැඩපිළිවෙල බෙහෙවින් සාර්ථක වී ඇතැයි ද  මහාචාර්ය කුමාරගේ මහතා  පැවසිය.    ලබන වසරේදි  කොළඹ නගරයේ සියලුම  ප්‍රධාන මාර්ගවල බස් ප්‍රමුඛතා මංතීරු සකස් කෙරේ. 

 ඒ සදහා අවශ්‍ය මුලික කටයුතු  දැන් සකස් කෙරෙමින් පවති .  ලබන වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයට විදුලියෙන්  ධාවනය කෙරෙන බස් රථ   25 ක් එක් කෙරෙන බව ද ඒ මහතා සදහන් කළේය. බස් රථ  පරිපාලනය හා  ඒවායේ ගුණාත්මක වර්ධනය සදහා  ජී.පී.එස්. තාක්ෂණය   යොදා ගැනෙන අතර ඒ සදහා අවශ්‍ය යන්ත්‍ර  900 ක් දැනටමත්   ඇනවුම් කර තිබෙ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්