Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

විශේෂාංග පුවත්

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නෙස්බි සාමිවරයාගේ මැදිහත්විම රජයේ ඇගයීමට

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයාගේ මැදිහත්විම අගය කරන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. එතුමාගේ ප්‍රකාශය මගින් ශ්‍රි ලංකා හමුදාව පිළිබඳව පැතිරුනු අසත්‍ය චෝදනා නිවැරදි කරගැනීමට හැකි වු බව ඊයේ පාර්ලිමේන්තුව කල්තැබිමේ යෝජනාවේ පිළිතුරු කථාව කරමින් සේනානායක මහතා සඳහන් කලේය

පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසියකට සහභාගි වූ එරට පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට එරෙහි අසත්‍ය යුද අපරාධ චෝදනා ඇමරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය විසින් ඉවත් කරගත යුතු බවයි. ශ්‍රී ලංකා හමුදාව සටන් වැද සිටියේ දෙමළ ජනතාව සමග නොව එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහිව බවද ඔහු එහිදී අවධාරණය කළේ ය

දේශීය පුවත්

 

විදෙස් පුවත්