Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

විශේෂාංග පුවත්

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් පාගමනක් සහ වෛද්‍ය සායනයක් ගාලුමුවදොරදී.

 

ලබන අගහරුවාදාට යෙදී ඇති ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සංවිධාන කළ පාගමනක් කොළඹ ගාලුමුවදොර පිටියේදී අද පෙරවරුවේ පැවැත්වින.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුඵ පන්දහසකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ. පාගමනට සමගාමීව  වෛද්‍ය සායනයක් විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ගාලුමුවදොර පිටියේදී දැන් පැවැත්වේ.  රුධිරගත සීනි පරීක්‍ෂාව . රුධිර පීඩනය. ක්ලෙස්ට්‍රෝල් පරීක්‍ෂාව ඇතුඵ පරීක්‍ෂණ රැසක් එහිදී සිදුකෙරෙන බව දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමණසිරි මහතා පවසයි.  අක්‍ෂී පරීක්‍ෂණ කටයුතුද එහිදී සිදුකෙරේ.  මෙම රෝගවලින් වැලකී සිටීමට අවශ්‍ය දැනුවත් කිරීම්ද සිදුවෙයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්