Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

විශේෂාංග පුවත්

යහපාලන රජයේ ක්‍රියාකාරී ඇමතිවරුන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව රජය කියයි.

 

යහපාලන රජයේ ක්‍රියාකරී ඇමතිවරුන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කිරීමේ වැඩපිළිවෙලක් ඒකාබද්ධ විපක්‍ෂය ක්‍රියාත්මක කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා පවසයි. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට විශ්වාස භංගයක් ගෙනඒමට සැලසුම් කිරීමෙන් ඒ බව මැනවින් තහවුරු වන බව හෙතෙම පැවසුවේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. වසර 2020 වනවිට සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ අවසන්වීමට නියමිතය.ි රටේ ණයබර අඩුවී වැඩිපුර රැකියා අවස්ථා බිහිවනු ඇත. එවිට ඒකාබද්ධ විපක්‍ෂයට පැවැත්මක් නැත. මෝදර ධීවර වරාය කාලයක සිට කිසිම ආදායමක් නැතිව අබලන් වු ධීවර යාත්‍රා ගාල්කර තිබු ස්ථානයකි. එහි පෞද්ගලික අංශයේ සහායෙන් රුපියල් මිලියන 600 ක් ආයෝජනය කර ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රාජිත සේනාරත්න මහතා කටයුතු කළ බව මෙම අවස්ථාවට එක්වු ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය සුදර්ශන ප්‍රනාන්දු මහතා පැවසීය. එමගින් ධීවර වරාය නීතිගත සංස්ථාවට මාසිකව රුපියල් ලක්‍ෂ 23 ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකිවිය. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් කිසිදු සොයා බැලීමකින් තොරව මෙවැනි චෝදනා එල්ල කිරීම කණගාටුවට කරුණක් බව හෙතෙම පැවසීය. ධීවර වරාය නීතිගත සංස්ථාවේ කිසිදු වියදමකින් තොරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ. ඉන් ඍජු රැකියා සියයක් පමණ බිහිවිය. ප්‍රදේශයේ ධිවර ජනතාවටද මෙමගින් විශාල සේවයක් සැලසේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්