Sri Lanka Brodcasting Corporation

Mon10232017

Last updateMon, 23 Oct 2017 6pm

විශේෂාංග පුවත්

කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අගහරුවාදා සිට ක්‍රියාත්මකයි.

කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ලබන අගහරුවාදා සිට ක්‍රියාත්මක කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි. කොළඹ නගරයේ වාහන තදබදය අවම කර ගැනීම මෙහි අරමුණයි. ඒ අනුව අගහරුවාදා සිට මොරටුව කුරුස මංසන්ධියේ සිට කටුබැද්ද දක්වාත් වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්ධිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාවට නැංවේ.

එහි දෙවන අදියර ලබන 22 වැනිදා සිට කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වාත් බම්බලපිටිය මංසන්ධියේ සිට පිත්තල මංසන්ධිය දක්වාත් ක්‍රියාවට නංවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී පැවසිය. එහි ඉදිරි අදියර මේ මස 29 . සැප්තැම්බර් 5 සහ 12 . සහ නොවැම්බර් 30 යන දිනවල දී ක්‍රියාවට නැංවේ. පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා කාලය තුල බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙ.

මෙහිදී අදහස් දැක්වු මහාචාර්ය අමල් එස් කුමාර මහතා පෙන්වා දුන්නේ සිදු කරන ලද සමීක්ෂණ ගණනාවක් පදනම් කර ගෙන මෙම වැඩපිළිවෙල හදුන්වා දුන් බවයි. පොදු ප්‍රවාහන සේවය වඩාත් සාර්ථක වුවහොත් පෞද්ගලික වාහනවලින් ගමන් ගන්නා පිරිස අඩුවනු ඇත. එමගින් මාර්ගයේ වාහන තදබදය අවම කර ගත හැකි බව අමල් කුමාර මහතා සදහන් කළේය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්