Sri Lanka Brodcasting Corporation

Tue06272017

Last updateTue, 27 Jun 2017 1pm

විශේෂාංග පුවත්

කිහිපදෙනෙකුගේ වැරදි හැසිරිම් නිසා පාර්ලිමේන්තුවට ගෞරවයට සිදු වන හානිය වැලැක්විමට මාධ්‍යවේදියා කටයුතු කළ යුතු බව කතානායකවරයා පවසයි.

 

 

කිහිපදෙනෙකුගේ වැරදි හැසිරිම් නිසා පාර්ලිමේන්තුවේ ගෞරවයට විශාල ලෙස  හානි සිදු වී ඇතැයි කතානායක  කරු ජයසුරිය මහතා පවසයි.  මෙය නිවැරදි මගට ගැනිම  මාධ්‍යවේදියා  සතු වගකිමක් බව ඔහු පෙන්වා දෙයි.  සුඵ පිරිසක්  පාර්ලිමේන්තුව තුළ  අශෝභන ලෙස හැසිරෙන ආකාරය දක්නට ලැබේ.  

එය නවතා දැමිමට මාධ්‍යවේදියා  කටයුතු කළ යුතු බව කතානායකවරයා  පැවසුවේ මිගමුවේ පැවැත්වෙන වැඩමුඵවකට  අද එක්වෙමිනි.  පාර්ලිමේන්තු මාධ්‍යවේදින්ගේ  කුසලතා වර්ධනය කිරිමේ අරමුණින් පාර්ලිමේන්තුව එම වැඩමුඵව සංවිධාන කර තිබෙ.්  රට යහමගට ගැනිමට  පාර්ලිමේන්තුව  ශක්තිමත් කළ යුතුව තිබෙ.් ආංශික අධික්ෂණ කමිටුවල  සහභාගිත්වය කෝප් කමිටුවේ සභාපතිධුරය විපක්ෂයට ලබාදී ඇත . රටට  සරිලන නව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දැන් සකස් කෙරෙමින් පවති.  තොරතුරු දැන ගැනිමේ පනත මගින් අලුත් යුගයක් රටට උදා වී ඇත.  පාර්ලිමේන්තුවට  වසර  70 ක් පිරිම නිමිත්තෙන් ඔක්තෝබර්  03 වැනිදා සාක් කතානායකවරුන්ගේ ප්‍රධානත්වයෙන්  විශේෂ සැසියක් පැවැත්වෙ.්   අංග සම්පුර්ණ මාධ්‍ය මධ්‍යස්ථානයක්   පාර්ලිමේන්තුව තුළ ඇති කෙරේ. මෙරට පාර්ලිමේන්තුව ලෝකයට ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බවට පත් කිරිම අරමුණ බව කතානායකවරයා  පැවසිය . .මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා වැඩමුඵව  අමතමින් සදහන් කළේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ශක්තිමත් කිරිමට ගෙනයන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමට  මාධ්‍යවේදියා විශාල කාර්යභාරයක්  ඉටු කරන බවයි.  පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීල් ඉද්දවල මහතා ද මෙහිදි අදහස් දැක්විය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්