Sri Lanka Brodcasting Corporation

Wed06282017

Last updateTue, 27 Jun 2017 6pm

විශේෂාංග පුවත්

ශ්‍රි ලංකාවේ සංවර්ධනයට ජපානයේ උපරිම සහය

ශ්‍රි ලංකාව හා ජපානය අතර ඓතිහාසික සබදතා පදනම් කර ගනිමින් අනාගතයේදි වඩාත් සමිපව කටයුතු කිරිම සදහා සැලසුම් සකස් කරගත යුතුබව ජපන් ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ත්ව සංගමයේ සභාපති වතරු තකේෂිතා මහතා  පවසයි. ශ්‍රි ලංකාවේ සංවර්ධන කාර්යයන් සදහා උපරිම සහය ලබාදිම ජපානයේ අපේක්ෂාව බවද ඔහු කියයි. ජපානයේ සංචාරයක යෙදෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දුත පිරිසට එම සංගමය පිරිනැමු දිවා භෝජන සංග්‍රහ අවස්ථාවේදි ඔහු මේ බව කිවෙිය. ශ්‍රි ලංකාව හා ජපානය අතර මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතරද සබදතා ශක්තිමත් කරලිම උදෙසා තම සංගමය සැම විටම කැපවන බව වතරු මහතා කියයි. ජපන් ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම් යුකෝ ඔබුචි මහත්මිය ඇතුලු එහි ප්‍රධාන නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට එක්වුහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදි පැවසුවේ මේ වසරේදි ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට වසර 70 ක් සම්පුර්ණ විම නිසා මෙම සංගමය සමග පවත්වන සාකච්ඡාව විශේෂ වැදගත්කමක් උසුලන බවයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්