Sri Lanka Brodcasting Corporation

Thu10192017

Last updateWed, 18 Oct 2017 6pm

විශේෂාංග පුවත්

අධික ලෙස දුම්පිට කරන වාහන පිලිබදව තොරතුරු ලබාදිමට දුරකතන අංකයක්

 

වායු දුෂණය සිදුවන අන්දමින් අධික ලෙස දුම්පිට කරන වාහන පිලිබදව තොරතුරු ලබාදෙන්නැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වායු විමෝචන ව්‍යාපෘති අධ්‍යක්ෂ විමල් දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලිමක් කරයි. දුරකතන අංක0113 100 152 මගින් එම තොරතුරු ලබාදිය හැකිය. පැමිණිලි ලැබුනු වහාම ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනේ. වාහනවල වායු විමෝචන පරික්ෂණ සිදුකිරිම සදහා අලුත් සමාගමක් ඉදිරිපත් කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා පැවසිය. දැනට ආයතන දෙකක් වායු විමෝචන පරික්ෂණ සිදුකරයි. ඊට අමතරව තවත් ආයතනවලට ඒ සදහා ඉදිරිපත් විමට අවස්ථාව සලසා දුන්න ද ඉදිරිපත් වි ඇත්තේ එක් සමාගමක් පමණක් බව ඔහු සදහන් කලේය. ඉදිරිපත් වි ඇති නව සමාගමේ හා දැනට පරික්ෂණ සිදුකරන සමාගම් දෙකේ සුදුසුකම් යලි පරික්ෂා කර ඒවා ලියාපදිංචි කිරිම අලුත් අවුරුද්දෙන් පසුව සිදුකෙරේ. ලංගම බස්රථ ඇතුලු වාහනවල වායු විමෝචන පරික්ෂණ සදහා පලාත් 9 යේම මධ්‍යස්ථාන ආරම්භ කිරිමට එම සමාගම්වලට අවසර ලැබෙනු ඇත.

දේශීය පුවත්

 

විදෙස් පුවත්