Sri Lanka Brodcasting Corporation

Tue10172017

Last updateTue, 17 Oct 2017 6pm

විශේෂාංග පුවත්

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා 24 ක්

උත්සව සමය වෙනුවෙන්  විශේෂ දුම්රිය සේවා  24 ක් ක්‍රියාත්මක කර ඇතැයි දුම්රිය දෙපාර්තම්න්තුව පවසයි   ඊයේ සිට ආරම්භ වූ එම සේවා  ලබන  17 වැනිදා දක්වා  පැවැත්වෙ.්  කොළඹ කොටුවෙන් හා  මරදානෙන් ආරම්භ වන එම සේවා  .වේයන්ගොඩ. .මහව. අනුරාධපුර බන්ඩාරවෙල. දකුණු කඵතර . ගාල්ල. මාතර දක්වා ක්‍රියාත්මක කෙරේ.  

 එම දුම්රිය වල මැදිරි  සංඛ්‍යාවද වැඩි කර තිබෙ.්  සාමාන්‍ය  දුම්රිය කාලසටහනට අමතරව ඒවා  ධාවනය එක් කර ඇත.  සාමාන්‍ය   දුම්රිය වල  මැදිරි සංඛාවද වැඩි කර තිබෙන බව  දුම්රිය ගමනාගමන  අධිකාරී  විජය සමරසිංහ මහතා පවසයි.  ලබන 12 වැනිදා  රාත්‍රි  10.00  ට කොළඹ  සිට විශේෂ දුම්රියක්  යාපනයට ධාවනය කෙරේ. එය පසුදා උදෑසන  6.30  ට යාපනයට ළගාවිමට නියමිත බව ජාතික ගුවන්විදුලියේ  සුභාරතී සංවාද මණ්ඩලයට සහභාගි වෙමින්  ඔහු පැවසීය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්