Sri Lanka Brodcasting Corporation

Fri06232017

Last updateFri, 23 Jun 2017 1pm

විශේෂාංග පුවත්

මෙරට මුඛ ආශ්‍රීත රෝග තත්ත්වයන් බහුලව දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

ජාත්‍යන්තර මුඛ සෞඛ්‍ය දිනය හෙටට යෙදී තිබේ. පිරිපුන් දිවියකට සුපසන් මුවක් යන්න මෙවර තේමාවයි. මෙරට මුඛ ආශ්‍රීත රෝග තත්ත්වයන් බහුලව දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. පාසල් දරුවන්ගෙන් සියයට 65 ක් දන්ත ව්‍යසන රෝගවලින්ද. සියයට 95 ක් විදුරුමස ආශ්‍රීත රෝගවලින්ද පෙලෙති. විදුරුමස් දියවීම. දත් කුහර සෑදීම. මුඛ පිළිකා සහ දත් දිරායාම මෙරට බහුලව දක්නට ලැබෙන මුඛ රෝග වෙයි . මෙරට පිරිමින්ට වැලදෙන පිළිකා අතුරින් මුඛ පිළිකාව ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇතැයි අද පෙරවරුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක් වු විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පැවසීය. ඊට ප්‍රධාන හේතුව බුලත්විට සැපීමයි. පුවක් සහ දුම්කොළ පිළිකාකාරක වන අතර හුණුමගින් මුඛ ශ්ලේෂ්මලය දියකිරීම නිසා මෙම පිළිකා කාරකය පහසුවෙන් අවශෝෂණය වෙයි. ඊට අමතරව පුවක් නිසා මුඛ ශ්ලේෂ්මලය තුවාල වී ඝනවීම සිදුවෙයි. එම මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාව රෝග තත්ත්වයකි. මුඛයේ මිරිස් ගෑවුන විට අධික දැවිල්ලක් ඇතිවීම සහ මුඛය විවෘත කිරීමට අපහසුවීම මේ නිසා සිදුවෙයි. මේ ගැන නොසලකා හැරීමෙන් පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වෛද්‍ය ජයසේකර මහතා පැවසීය. කුඩා දරුවන්ද ඇතැම් අවස්ථාවල පුවක් කැබලි ආහාරයට ගැනීම දක්නට ලැබේ. මේ පිළිබඳව දෙමව්පියන් දැඩි අවධානය යොමුකළයුතු බව හෙතෙම කීය. මෙරට සංස්කෘතිය සමග බැදී තිබීම නිසා බුලත්විට තහනම් කිරීමේ අපහසු තත්ත්වයක් පවතී. භීක්‍ෂුන් වහන්සේට පුජාකරන දැහැත් වට්ටියෙන් පුවක් සහ දුම්කොළ ඉවත්කර සාදික්කා. වසාවාසී හා කරදමුංගු ඇතුලත් දැහැත් වට්ටියක් නිර්දේශ කර ඇත. මුඛයේ පැහැය වෙනස්වීම රතු සුදු ලප ඇතිවීම. කටහඩ වෙනස්වීම වැනි ලක්‍ෂණ ඇතිනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා ඉල්ලා සිටී.
පසුගිය 09 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර වකුගඩු දිනයේ මෙවර තේමාව වුයේ තරබාරු බව සහ වකුගඩු යන්නයි. මුත්‍රාවල අධික පෙන ගතියක් ඇතිවීම . තද නිදිමත. ශර්ීරය ඉදිමීම. වැනිදෑ වකුගඩු රෝගයේ මුලික ලක්‍ෂණ විය හැකි බැවින් වහාම අදාළ පරීක්‍ෂණවලට යොමුවන ලෙස වැඩසටහනට එක්වු විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පැවසීය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්