Sri Lanka Brodcasting Corporation

Tue06272017

Last updateTue, 27 Jun 2017 6pm

විශේෂාංග පුවත්

හෘද රෝග මැඩලීමට සහ කොලොස්ට්‍රොල් පාලනයට නව ඖෂධයක්

හෘද රෝග මැඩපැවැත්වීමට සහ ශරීරයේ විශාල වශයෙන් පවතින කොලොස්ට්‍රොල් ප්‍රමාණය නියමිත පරිමානයට ගෙනඒමේ නව ඖෂධයක් සොයා ගැනේ.  බ්‍රිතාන්‍ය හෘදය පිළිබඳ පදනම පෙන්වා දෙන්නේ මෙය අත්හදා බැලු 27 දහසක පමණ රෝගීන් සාර්ථක තත්ත්වයට පත්වු බවයි.  ලෝකයේ භයානකම රෝග අවස්ථාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට නව ඖෂධය සමත් වන බව එම පදනම අවධාරණය කරයි.  ඒ අනුව ලගදීම එය වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙයි.  හෘද රෝග හේතුවෙන් වාර්ෂිකව මිය යන සංඛ්‍යාව මිලියන 15 කි.  වැඩිවු කොලොස්ට්‍රොල් ප්‍රමාණය ඉතා කඩිනමින් සාමාන්‍ය අගයට පත්කිරීමට මෙවැනි බෙහෙතක් සොයාගනු ලැබුවේ වසර 20 කට පසුවය.  මේ පිළිබඳව වැඩිදුරටත් නිව් ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් ප්‍රකාශනයේ සදහන් කොට ඇත.

දේශීය පුවත්

 

විදෙස් පුවත්