Sri Lanka Brodcasting Corporation

Sun12172017

Last updateSun, 17 Dec 2017 1pm

විශේෂාංග පුවත්

ග්ලෝකෝමා හදුනා ගැනීමේ විශේෂ අක්ෂි සායනයක් අද ජාතික අක්ෂි රෝහලේ දී

ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් පැවැත්වෙන ග්ලෝකෝමා හදුනා ගැනීමේ විශේෂ අක්ෂි සායනය ජාතික අක්ෂි රෝහලේ දී අද පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වේ. වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් වසර 2 කට වරක්වත් ග්ලෝකෝමාව සදහා දෑස් පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින් ඔවුන්ට මේ සදහා සහභාගි වන ලෙස සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය ඉල්ලීමක් කරයි.
ලෝක ජනගහනයෙන් මිලියන 4 යි දශම 2 ක් ග්ලෝකෝමා නිසා ඇති වන අන්ධ භාවයෙන් පෙළෙති. මෙරට ජනගහනයෙන් දෙලක්ෂ පනස් දහසක් පමණ මෙම තත්ත්වයට ගොදුරු වී සිටිති. මෙම තත්ත්වය වළක්වා ගත හැක්කේ කල්තියා හදුනා ගැනීමෙන් පමණි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්