Sri Lanka Brodcasting Corporation

Wed03292017

Last updateTue, 28 Mar 2017 12pm

විශේෂාංග පුවත්

මාධ්‍යවේද්ීයාගේ කාර්යභාරය පිළිබඳව පුඵල් කථිකාවතක අවශ්‍යතාව අවධාරණය කෙරේ.

 

ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ මාධ්‍යවේදියාගේ කාර්යභාරය පිළිබඳව පුඵල් කථිකාවක් ගොඩනැංවීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි. වෙනස්වන තාක්‍ෂණයට අනුකුලව තම මාධ්‍ය දැණුම පවත්වාගෙන යාමේ උපායමාර්ග මාධ්‍යවේදියා අනුගමනය කළ යුතුය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරයේ අද පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 61 වන සංවත්සර මහ සභා රැස්වීමට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් හෙට්ටිආරච්චි මහතා මේ කරුණු සදහන් කළේය. නිවැරදි තොරතුරු වාර්තා කිරීම මාධ්‍යවේදීන් සතු වගකීමකි. රටක ප්‍රජාතන්ත්‍රවාදය සදහා එය අත්‍යවශ්‍ය වෙයි. අපක්‍ෂපාතිව ජනතාව වෙත තොරතුරු ලබාදීම වර්තමානයේ මාධ්‍යවේදීන් මුහුණදී ඇති අභියෝගයක් බව හෙට්ටිආරච්චි මහතා පැවසීය.


නිවැරදි වාර්තාකරණයක් සදහා මාධ්‍යවේදියා දේශපාලනයෙන් බැහැර වියයුතු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ වෙල්ලාල බන්දුල මහතා පැවසීය.
ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සභාපතිවරයා ලෙස උපාලි අරඹවෙල මහතාද මහ ලේකම්වරයා ලෙස උපුල් ජනක ජයසිංහ මහතාද තේරී පත්වුහ. මුදිත කාරියකරවන . වසන්ත ප්‍රිය රාමනායක. හා චිත්‍රාකුමාරී පත්තප්පෙරුම යන මහත්ම මහත්මිහුද එහිදී අදහස් දැක්වුහ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්