Sri Lanka Brodcasting Corporation

Fri12152017

Last updateWed, 13 Dec 2017 9pm

විශේෂාංග පුවත්

සිරිකොත ට සුර්ය බල විදුලිය

 

විකල්ප බලශක්ති ක්‍රම හඳුන්වා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ එක්සත් ජාතික පක්ෂය අද ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය වන සිරිකොත ට සුර්ය බල විදුලිය උත්පාදන ක්‍රමය හඳුන්වා දෙනු ලැබිය.  ඒ අනුව අද සිට එම මුලස්ථානයට අවශ්‍ය විදුලිබලය පුර්ණ වශයෙන් සුර්ය බලශක්තියෙන් ලබා ගැනේ.  එහි සමරු ඵලකය නිරාවරණය කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.  මෙහිදී අදහස් දැක්වු ඇමති කබීර් හෂීම් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ මහා පරිමාණ බලශක්ති ව්‍යාපෘති සදහා එක්සත් ජාතික පක්ෂ රජයන් කටයුතු කර ඇති බවයි.  මහවැලි ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීම එහිදී ප්‍රධාන වෙයි.  ඉදිරියේ දී සුර්ය බලය යොදා ගනිමින් හරිත විදුලි ක්‍ෂේත්‍රය නැංවීමට ක්‍රියා කෙරේ.  විදුලි ගාස්තු අඩු කිරිමද රජයේ අරමුණකි.  මෙම අවස්ථාවට එක්වු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසුවේ පවතින විදුලි අර්බුදයට විසදුමක් ලෙෂ ලාභදායි අරපිරිමැසුම් විදුලි උත්පාදන ක්‍රමය වන්නේ සුර්ය බලශක්තිය බවයි.  වසර 2020 වනවිට මෙගාවොට් 200 ක්ද වසර 2025 වනවිට මෙගාවොට් දහසක් ද සුර්ය බලයෙන් සපුරා ගැනීම අපේක්ෂාවයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්