Sri Lanka Brodcasting Corporation

Tue02212017

Last updateTue, 21 Feb 2017 6am

විශේෂාංග පුවත්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් 2017 වසර තුළ වැඩසටහන් රැසක්

 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ මස 05 වැනි දින සිය 50 වැනි සංවත්සරය සමරයි. ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් 2017 වසර තුළ වැඩසටහන් රැසක් ගුවන්විදුලි සංස්ථාව ක්‍රියාවට නංවයි. ස්වර්ණජයන්ති වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 05 වැනි දින පස්වරු 3.00 ට සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පැවැත්වේ. අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වෙති. නව පරිපාලන ගොඩනැගිල්ල සහ යාවත් කාලීන කරන ලද මැදිරි සංකීර්ණය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් එදින විවෘත කෙරේ. ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් මුල්දින කවරයක් සහ තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට ද නියමිතයි. ගුවන්විදුලි ඉතිහාසය පිළිබඳව ගවේෂණශිලි සගරාවක් එලිදැක්වේ. සිංහල ස්වදේශිය සේවාව ඔස්සේ ප්‍රචාරය කෙරුනු බසක මහීම ඇතුලත් ග්‍රන්ථයක් එලිදැක්වීම ද සිදුවේ. කාර්ය මණ්ඩලය ඇගයීම සදහා සම්මාන උළෙලක් පැවැත්වීමට නියමිතයි. ස්වර්ණජයන්තිය නිමිත්තෙන් මේ මස 05 වැනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවකි. පසුදා සංඝයාවහන්සේ 25 නමක් විෂයෙහි දානමය පුණ්‍යකර්මයකි. සංස්ථාවේ සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 207 කට වැඩි මුදලක් වෙන්කර තිබේ. ඒ යටතේ මැදිරි සංකීර්ණය වසර 40 කට පසුව යාවත්කාලීන කෙරේ. රුපියල් මිලියන 100 ක වියදමින් හපුතලේ විකාශනාගාරය ද සංවර්ධනය කෙරේ. ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව 1966 අංක 37 දරණ පනත යටතේ ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෙස නම් කෙරින. 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මතවීමෙන් පසුව ලංකා ගුවන් විදුලි සංස්ථාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෙස නම් කෙරින.

දේශීය පුවත්

 

විදෙස් පුවත්