Sri Lanka Brodcasting Corporation

Tue10242017

Last updateTue, 24 Oct 2017 11am

විශේෂාංග පුවත්

නව ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේද නැද්ද යන්න පිළිබඳ විවාදයකට එන්න - ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගෙන් මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක්


යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව තමා සමග විවාදයකට පැමිණෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරයි. තංගල්ලේ පැවති දිරිය පුරවැසි හම්බන්තොට දිස්ත්‍රික් සමුඵවේදී ඔහු ඒ බව සදහන් කළේය.

රටට අහිතකර ව්‍යවස්ථාවකට අත්සන් නොතබන බවට කතානායකවරයා සහතික වෙයි

 

රටට අහිතකර කිසිදු ව්‍යවස්ථාවකට අත්සන් නොතබන බව කතානායක කරු ජයසුරිය මහතා කියා සිටි. මිරිගම ජපමාලා දේවස්ථානයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලේය. දේවස්ථානයට වසර 100 ක් පිරිම නිමිත්තෙන් උත්සවය සංවිධානය කර තිබිණ.

මේ අතර අනුරාධපුරය නෙලුබෑව ප්‍රදේශයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරින්ගේ හමුවකට සහභාගි වු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා. සදහන් කලේ ව්‍යවස්ථා සංශෝධනය පිලිබද පවතින සැබැ තත්ත්වය මහනායක ස්වාමින් වහන්සේ බැහැදැක පැහැදිලි කරදිමට බලාපෙරොත්තුවන බවයි

ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල් 33 ක ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක වැඩිදියුණු කෙරේ.

 

ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල් 33 ක ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක වැඩිදියුණු කිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීම ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පසුගියදා සිදුකෙරිණ.  සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස සහ ඕස්ට්‍රියාවේ ඔඩෙල්ගා වෛද්‍ය සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ පීටර් හාග් යන මහත්වරු ඊට අත්සන් තැබුහ.  එහිදී අදහස් දැක්වු සෞඛ්‍ය ඇමතිවරයා ශ්‍රී ලංකාවේ රෝහල් සංවර්ධනයට විදේශ ආයෝජන විශාල වශයෙන් ලැබී ඇතැයි කිීය. 

Read more...

කොළඹ ඩෙංගු මර්දන වැඩසටහනට ජගත් ඇගයීමක්

කොළඹ දිස්ත්‍රික්කයේ බෝවන රෝග පාලනය කිරීම සදහා ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහනට පොදු රාජ්‍ය මණ්ඩල විද්‍යුත් සෞඛ්‍ය සමුඵවේදී ප්‍රථම ස්ථානය ලැබුණු බව බස්නාහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.  ඉදිරියේදී මෙම විද්යුත් සෞඛ්‍ය වැඩපිළිවෙල කඵතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හිදිද ක්‍රියාත්මක කෙරේ. 

Read more...

ගෙවුනු මාස 9 යේදි දුම්රිය මාර්ගවල සෙල්ෆි ගත් 24 දෙනෙකු මරුට

මේ වසරේ ගෙවුනු මස 9 තුලදී දුම්රිය වල හා දුම්රිය මාර්ගවල සෙල්ෆි ඡායාරූප ගැනිමට යාමෙන් තරුණ තරුණයින් 24 දෙනෙකු මියගොස් ඇතැයි මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව පවසයි.  මෙවැනි දුම්රිය අනතුරු අවම කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පුවරු සවිකිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.  එහි ප්‍රථම වැඩසටහන හෙට පෙරවරුවේ නාරහේන්පිට දුම්රිය ස්ථානය අසලදී ආරම්භ කෙරේ.  ඉකුත් වසරේ දුම්රිය ගැටීමෙන් සිදුවු අනතුරු සංඛ්‍යාව 436   කි.  ඉන් මියගිය සංඛ්‍යාව 180  කි.

දකුණු පළාතෙන් වාර්තා වු විශාල ශබ්දය පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි


දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ වාර්තා වු විශාල ශබ්දය සහ ආලෝකය උල්කාස්මියක් විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාස ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසය.ි මෙවැනි උල්කාස්මියක් තත්පරයකට කිලෝමීටර් 65 ක පමණ වේගයකින් පොළොව කරා ගමන් කරන බවත් එහිදි වායුගෝලයේ ඇතිවන ගර්ෂණය නිසා ඔක්සිජන් සමග ගැටී ගිනිගන්නා බවත් ඔහු කියා සිටි. පොළොව දෙසට වේගයෙන් එන මෙවැනි උල්කාස්මියක වේගය අනුව ඉදිරි කොටසේ පීඩනය වැඩි වන අතර. පිටුපස කොටසේ පීඩනය අඩු වේ. මේ නිසා එය පුපුරා යාමට ලක්වේ හේලීගේ ධූමකේතුවේ කක්ෂය හරහා පෘථිවිය ගමන් කිරිම සිදුවන බැවින් උල්කාපාත වර්ෂාවක් ඇතිවිමේ හැකියාවද මේ දිනවල පවති

රුපියල් මිලියන 26 කට වැඩි ස්වර්ණාභරණ සමග ගුවන් සේවකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන  26 කට වැඩි  ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපලේදි රේගු භාරයට ගැනේ.  ඒවායේ බර කිලෝග්‍රූම්  5 යි දශම 3 ක් බව රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා කියයි . ජෙඩා සිට පැමිණි ගුවන් සේවා කාර්ය මණ්ඩල  සේවකයෙකු ඒවා ගෙනවිත් තිබෙ.් ඔහු විශේෂ  බඳපටියක්  සහ දණහිස් ආවරණයක් යොදා ගනිමින් මෙම රත්රන් තොගය ගෙනඒමට කටයුතු කර ඇත .  එම සේවකයා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ  වසර  29 ක සේවයක් ඇති 50 හැවිරිදි පුද්ගලයෙකු බව බස්නායක මහතා කියයි.

පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ටැබ් යන්ත්‍ර.


විවාදයට එක් වු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සදහා ටැබ් යන්ත්‍ර ලබාදිමට ක්‍රියා කරන බවයි. ආනයන අපනයන වෙළෙඳාම පහසු කිරිමට මෙම පනත හේතුවක් වේ . ලෝකයේ ඊ රාජ්‍ය අතුරින් ශ්‍රි ලංකාව 74 ස්ථානයේ පසුවන අතර අන්තර්ජාල සේවා සැපයිම අතින් ලෝකයේ 37 වන ස්ථානයට පත්ව ඇත.

නව නාවික හමුදාපතිවරයාගේ පත්වීමත් සමග ශ්‍රී ලංකාව මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණෙන ඉන්දීය ධීවරයන්ගේ සංඛ්‍යාව පහත වැටෙයි.

උතුරු මුහුදේ ආරක්ෂාව සදහා යොදවා ඇති නෞකා මුර සංචාර රටාව විධිමත් කිරිමත් සමග ශ්‍රී ලංකාව මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණෙන ඉන්දීය ධීවරයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් පහත වැටී ඇතැයි නාවික හමුදාව කියයි. 

Read more...

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායකවරුන් පක්ෂයට සිදුකල කෙනෙහිලිකම් නිසා නව සංවිධායකවරුන් පත්කිරිමට සිදුවු බව ඇමති එස් බි දිසානායක මහතා පවසයි

 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සදහා නව ආසන සංවිධායකවරුන් පත්කලේ හිටපු සංවිධායකවරුන් පක්ෂයට කෙනෙහිලිකම් කල නිසා බව ඇමති එස් බි දිසානායක මහතා පවසයි. මහින්දානන්ද අලුත්ගමගේ . කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨ සංවිධායකවරුන් පක්ෂයේ රදවා ගැනිමට උත්සහ කලත් පක්ෂයේ සිටිමින් නව පක්ෂයක් වෙනුවෙන් පෙනි සිටිම නිසා ඔවුන් ඉවත් කිරිමට සිදුවු බව මහනුවර පැවැති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා පැවසිය. ඉවත් කල ආසන සංවිධායකවරු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාව හෝ මධ්‍යම කාරක සභාව නියෝ්ජනය නොකරති. ඔවුන් පක්ෂයේ සුලුතර කොටසක් පමණක් බැවින් ඔවුන්ගේ ඉවත් විම පක්ෂයට සැලකිය යුතු බලපෑමක් නොවන බව ඇමතිවරයා ප්‍රකාශ කරයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්