Sri Lanka Brodcasting Corporation

Tue01242017

Last updateTue, 24 Jan 2017 6pm

විශේෂාංග පුවත්

පලාත්පාලන සිමා නිර්නය ගැසට් කිරිම මේ මස අගදි සිදුකිරිමට සුදානම්

 

ලාත්පාලන ආයතන බලප්‍රදේශ සිමා නිර්නය ගැසට්කිරිම ලබන 31 වැනිදාට ඉලක්ක කර ගනිමින් එහි කටයුතු දැන් සිදුකෙරෙමින් පවතින බව පලාත් පාලන හා පලාත් සභා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පවසයි. පලාත් පාලන ආයතන බල ප්‍රදේශ සිමානිර්නය කිරිම සදහා පත්කල කමිටු වාර්තාවේ ඇති අඩුපාඩු මේ දිනවල සකස් කෙරෙමින් පවති ඒ සදහා විශේෂ නිලධාරි කණ්ඩායමක් පත් කර ඇත. මිට අමරතව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට අවශ්‍ය ආකාරයෙන් පලාත් පාලන පනත සංශෝධනය කෙරේ. මේ වනවිට එය නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.

නිවැරදි පෝෂණයක් සදහා රටට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරිමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

 

විවෘත ආර්ථිකය තුළ පාරිභෝගික ජනතාව ආර්ථික  ගොදුරක් බවට පත්ව ඇතැයි විශේෂඥ පෝෂණවේදි ආචාර්ය දමයන්ති පෙරේරා මහත්මිය පවසයි.  අද වනවිට කෘෂිකර්මාන්තය ජනතාවට ලෙඩරෝග ඇති කිරිමේ ප්‍රධාන මාර්ගය බවට පත්ව තිබෙ.් එබැවින් වස විසෙන් තොර දේශිය ගොවිතැන  ප්‍රචලිත කිරිමට සැමගේ සහාය අවශ්‍ය බව ඇය සදහන් කරයි.  ජාතික ගුවන්විදුලියේ  සුභාරති සංවාද මණ්ඩපයට  අද පෙරවරුවේ එක්වෙමින් ඇය  මේ බව පැවසුවාය.   භූතානය ලොව පලමු ප්‍රමිතිගත පාරිසරික ගොවිතැන සහිත රට බවට පත් වී තිබෙ.්  ශ්‍රි ලංකාව දෙවැනි රට බවට පත් කිරිම ඉලක්කයයි.  ඒ වෙනුවෙන් ජනාධිපති කාර්යාලය ගනු ලබන උත්සාහය අගය කරන බව ඇය  පැවසුවාය.   වෙළෙඳකරණය තුලින් ජනතාව මුලාවට පත් කර තිබේ.  එබැවින් වෘත්තිකයන්  සත්‍ය විවෘතව ප්‍රකාශ කිරිමට කටයුතු කළ යුතුව ඇත. එමගි්න්  ජනතාව මුදා ගත හැකිය.  වස විසෙන් තොර ආහාර පරිභෝජනය සදහා පාරිභෝගිකයන්ගේ  උද්යෝගය  අවශ්‍ය බව ද ඇය පෙන්වා දුන්නාය . පෝෂණවේදය මුල් කරගනිමින්  මුදල් ඉපැයිමට  අද ඇතැම් ජනප්‍රිය පුද්ගලයෝ යොමු වී සිටිති.  ඔවුන්ට පෝෂණවේදය පිළිබඳව කිසිදු ද ැනුමත් නැත.  ඔවුන් පාරිභෝගික ජ නතාව  මුලාවට පත් කරන බවට ඇය  චෝදනා කළාය.  එබැවින්  නිවැරදි පෝෂණයක් සදහා රටට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරිමට  පියවර ගතයුතුව ඇතැයි ඇය කිවාය.

දකුණේ තරුණ තරුණියන් විසි දහසකට මේ වසරේ රැකියා .

 

දකුණු පලාතේ තරුණ තරුණියන් විසි දහසකට මේ වසරේදී රජයේ රැකියා ලබා දෙන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියයි. මුල්කිරිගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවේ 2017 වසරේදී රජය දැවැන්ත සංවර්ධන වැඩපිලිවලක් ක්‍රියාවට නංවන බවයි. රටේ දිළිදුකම තුරන් කිරීම රජය ප්‍රමුඛ වගකීමක් ලෙස ෂලකා ඇත. දුෂණය සොරකම හා වංචාවෙන් තොර අනාගතයක් ගොඩ නැගීමට වත්මන් රජයට හැකිවී ඇතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහානායක පදවිය පිරිනැමේ.

මහෝපාද්‍යය අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහානායක පදවිය පිළිබඳව අක්ත පත්‍රය පිළිගන්වනු ලැබේ. ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ අමරපුර පාර්ශවයෙහි
ශි්‍රී සුමංගල කාරක සංඝ සභාව ගල්කිස්ස ශ්‍රී ධර්මපාලකාරාම විහාරස්ථානයට අද පස්වරුවේ රැස්වේ.

Read more...

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙල ජනපති ප්‍රධානත්වයෙන් ලබන මස 13 වැනිදා.

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙල 2015-2016 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙඵම් පොකුණ රගහලේ දි ලබන මස 13 වැනිදා පැවැත්වේ. දිවයිනේ ප්‍රවීණ මාධ්‍යවේදීන් හා කලාකරුවන් රැසකගේ සම්භාවනිය සහභාගිත්වයෙන් එය පැවැත්වෙනු ඇත.

Read more...

රාජ්‍ය ආයතනයන්හි ඩෙංගු පරිශ්‍ර ඇත්දැයි පරීක්‍ෂා කිරීම 24 වැනිදා.

 

රාජ්‍ය ආයතනයන්හි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වර්ධනය වී ඇති හෙයින් එම තත්ත්වය පාලනය කිරීමට ලබන 24 වැනිදා සියඵ රාජ්‍ය ආයතනවල පරීක්‍ෂා කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන්නැයි ඇමති රාජිත සේනාරත්න මහතා සියඵ කැබිනට් ඇමතිවරුන්ගෙන්. රාජ්‍ය ඇමතිවරුන්ගෙන්. පළාත් ප්‍රධාන ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read more...

තෛපොංගල් සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී

ලොව පුරා හින්දු බැතිමත්හු සශ්‍රිකත්වය යදිමින් සුර්ය දිව්‍ය රාජයා වන්දනා කරමින් අද  තෛපොන්ගල් දිනය සැමරුහ.  තමන් වගා කර නෙලා ගත් පලමු අස්වැන්නෙන් කොටසක්  හිරු දෙවියන්ට  පූජා කරමින් ඔව්හු අද දින පුදපූජා  පවත්වති.   ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ සේවය සංවිධාන කළ තෛපොන්ගල් උත්සවය අද පෙරවරුවේ සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වින.

Read more...

ලොව පුරා හින්දු බැතිතුමන් සශ්‍රිකත්වය යදිමින් සුර්ය දිව්‍ය රාජයා වන්දනා කරන තෛපොන්ගල් දිනය අදයි.

ලොව පුරා හින්දු බැතිමතුන් සශ්‍රිකත්වය යදිමින් සුර්ය දිව්‍ය රාජයා වන්දනා කරන තෛපොන්ගල් දිනය අදයි. තමන් වගා කර නෙලා ගත් පලමු අස්වැන්නෙන් කොටසක් හිරු දෙවියන්ට පූජා කරමින් ඔව්හු අද දින පුදපූජා පවත්වති.

Read more...

ඕස්ට්‍රේලියාවේ සම්භාව්‍ය වාදන ශිල්පීන් දෙදෙනෙකු සහභාගී වන ප්‍රසංගයක් ශ්‍රී ලංකාවේදී.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ සම්භාව්‍ය වාදන ශිල්පීන් දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන්  සංගීත රාත්‍රියක් ලබන 24 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එරට ගිටාර් වාදකයෙකු වන ස්ලාවා ගිරිගෝර්යානිස් සහ සෙලෝ වාදන ශිල්පිනියක වන ෂරෝන් ග්‍රෆර් ඊට සහභාගී වෙති.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශවික සබඳතා පිහිටුවා ගැනිමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානයකළ වැඩසටහන් මාලාවේ අංගයක් ලෙස සංගීත රාත්‍රිය පැවැත්වේ. කොළඹ 07, ආර්. ජී. සේනානායක මාවතේ අංක 21 දරණ ස්ථානයේ ඕස්ට්‍රේලියානු මහ කොමාසරිස් කාර්යාලයෙන් ප්‍රවේශ පත්‍ර 24 වැනි දින පස්වරු 5.00 සිට නොමිලේ ලබාගත හැකිය.

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි .

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි . බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වුයේ දුරුතු පුර පසලොස්වක පොහොය දිනයේදීය. බුද්ධත්වයෙන් 9 වන මාසයේ දී උන්වහන්සේ මහියංගණය මහවැලි ගග අංසබඩ පිහිටි මහානාග භවන නම් උයනට වැඩම කළහ. එදින බණ ඇසු සුමන සමන් දෙවියෝ සෝවාන් වුහ.

Read more...

දේශීය පුවත්

 

විදෙස් පුවත්