Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

ව්‍යාපාරික පුවත්

රටේ ව්‍යාපාර සංවර්ධනයට අයවැයෙන් සාදනීය පියවර රැසක් - ලංකා වාණිජ මණ්ඩලය කියයි

රටේ ව්‍යාපාර සංවර්ධනය විධීමත් කිරීමට සාදනීය පියවර රැසක් මෙවර අයවැයෙන් රජය යෝජනා කර ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණීජ මණ්ඩලය පවසයි. ව්‍යවසායක ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සහ කෘෂි ක්‍ෂේත්‍රයේ සංවර්ධනය මෙන්ම කාන්තා හා තරුණ ව්‍යවසාය සංවර්ධනයට මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.  එය ඉතාමත් ප්‍රශංසනිය බව ශ්‍රී ලංකා ජාතික වාණීජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර මහතා පවසයි.  2018 අයවැය යෝජනා පිළීබඳව ශ්‍රී ලංකා වාණීජ මණ්ඩල ශ්‍රවනාගාරයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.  සුඵ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ මුල්‍ය අවශ්‍යතා සදහා රුපියල් බිලියන දහසක් වෙන්කරමින් සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කර ඇති යෝජනාව මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ පැසසුමට ලක්වී තිබේ. සුඵ හා මධ්‍ය පරිමාණ ණය පහසුකම් අරමුදලක් ස්ථාපිත කිරීම අගය කරන බව හෙතෙම කීය. නීලහරිත ආර්ථික වැඩසටහන යටතේ ධීවර අංශය වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාද අගය කළයුතුවේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්