Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

ව්‍යාපාරික පුවත්

රන් මිල ඉහල යාමේ ප්‍රවනතාවක්

ලෝක වෙළඳපලේ රන් මිල ඉහල යාමේ ප්‍රවනතාවක් පෙන්නුම්කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. මේ වසර අවසාන වන විට රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1325 ක් දක්වා වර්ධනය විය හැකි බවට ඔවුහු අනාවැකි පළ කරති. ඇමරිකානු මධ්‍යම සංචිත පොලී අනුපාත ඉහල යාම පිළිබඳ අවිනිශ්චිතතාව. චීනයේ හා ඉන්දියාවේ රන් ඉල්ලුම වැඩි වීම ආදී කරුණු ඒ සඳහා බලපා තිබේ. මේ වන විට ලෝක වෙළඳපලේ රන් මිල වාර්තා වන්නේ ඩොලර් 1275 ක් වශයෙනි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්