Sri Lanka Brodcasting Corporation

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

ව්‍යාපාරික පුවත්

ජාතික විදුලි පද්ධතියට ජල විදුලිය සැපයීම ඉහළ යයි

 

 

විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජල මට්ටම මේ වනවිට ඉහළ ගොස් තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ යටතේ ජාතික විදුලි පද්ධතියට ජල විදුලිය සැපයීම සියයට 40 ත් 45 ත් අතර මට්ටමට ඉහළ ගොස් ඇතැයි අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන මහතා පවසයි. මෙය ඉතා ඉහළ මට්ටමකි. මේ හේතුවෙන් දැන් පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීම සීමාකර තිබේ.
විදුලි අරපිරිමැස්මට පාරිභෝගිකයන් තවදුරටත් යොමු කිරීම සදහා එල්. ඊ. ඩී විදුලි බුබුලු ජනතාවට බෙදාදීමේ වැඩපිළිවෙලක් විදුලිය සංරක්‍ෂණය වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ එම විදුලි බුබුලු අඩු මුදලකට ජනතාවට ලබාදෙයි. ඒ සදහා එල්. ඊ. ඩී. විදුලි බුබුලු දස ලක්‍ෂයක් ලබාගැනීමට ටෙන්ඩර් කැදවා ඇත. විදුලි සංරක්‍ෂන ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 400 ක ඉතිරියක් සිදුකර ගැනීම ඉලක්කයයි. නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ බලාගාර දෙකක් අලුත්වැඩියා කටයුතු සදහා නතර කර ඇත. ඉන් එක් බලාගාරයක විදුලි නිෂ්පාදන කටයුතු ලබන බදාදා යළි ආරම්භ කෙරේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්