Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateTue, 21 Nov 2017 8pm

ව්‍යාපාරික පුවත්

ග්‍රාමීය ප්‍රදේශවල පාලම් හාරදහසක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක්


ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතයක් සැලසුම් කෙරේ. ඒ යටතේ පාලම් 3500 ත් 4000 ත් අතර සංඛ්‍යාවක් ඉදිකිරීමට නියමිතයි. හංගේරියානු හා බෙල්ජියම් රජයන් ද පාලම් ඉදිකිරිමේ ව්‍යාපෘති සඳහා මුල්‍ය සහාය ලබාදිමට ඉදිරිපත්ව සිටී. ඒ අනුව අදාල පාලම් ඉදිකිරිමේ ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවිමට පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට බලය පැවරීමේ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබි තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව ඉදිරිපත්කර තිබිනි. එක්සත් රාජධානියේ හා නෙදර්ලන්තයේ මුල්‍ය සහාය ඇතිව ග්‍රමිය පාලම් ඉදිකිරිමේ ව්‍යාපෘති දෙකක් දැනටමත් ක්‍රියාත්මකයි.
මීට අමතරව දුෂ්කර ප්‍රදේශවල කුඩා පාලම් දහසක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරේ. ඉදිරි වසර 3 තුල එය නිමකිරීම ඉලක්කයයි. ඉතාමත් අනාරක්ෂිත ගංගා ඇලදොල තරණය කරමින් ජනතාව ගමන් කරන ස්ථාන දෙදහසක් හඳුනාගෙන ඇති අතර එම කුඩා පාලම් ඒවායේ ඉදිකෙරෙනු ඇත. ඉංජිනේරු පර්යේෂණ හා තාක්ෂණ ආයතනය අඩු වියදම් පාලම් විශේෂයක් නිර්මානය කිරිමට සමත්වි ඇති අතර අදාල ස්ථානවල එම පාලම් ඉදිකෙරේ. ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මහතා ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් ද ඇමති මණ්ඩලය අනුමත කර තිබේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්