Sri Lanka Brodcasting Corporation

Sun09242017

Last updateSat, 23 Sep 2017 1pm

ව්‍යාපාරික පුවත්

රාජපක්ෂ පාලනය බ්‍රිතාන්‍ය මන්ත්‍රිවරයෙකුට රුපියල් කෝටි 02 ක් වියදම් කර ඇති බවට එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

 

විදේශිය වෙළෙඳ ගණුදෙනු සංවිධානය කර දිම සදහා මහින්ද රාජපක්ෂ  රජය   එක්සත් රාජධානියේ මන්ත්‍රිවරයෙකුට රුපියල් කෝටි  02 ක් වියදම් කර ඇති බවට බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර ඇතැයි  ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය  පවසයි.  ප්‍රජාතන්ත්‍රවාදි  සාංගමික පක්ෂයේ මන්ත්‍රි ඉයන් පේස්ලි 2013 වසරේදී  දෙවරක් ශ්‍රි ලංකා ආණ්ඩුවේ  දරුපවුල සමග  නිවාඩු ගතකළ බවද  ද ටෙලිග්‍රාප්  පුවත්පත හෙලිදරව් කර ඇත.  ඒ අනුව ශ්‍රි ලංකා ආණ්ඩුව දැරූ වියදම බ්‍රිතාන්‍ය පවුම් දසදහසකි.     බ්‍රිතාන්‍ය මන්ත්‍රි ආචාරධර්ම පද්ධතියට අනුව  පවුම් 300 කට  වැඩි මුදලකින්  ලබන ආධාර  දැනුම් දිය වුවත් ඔහු ශ්‍රි ලංකාවෙන් ලද තෑගි වශයෙන් මාර්තු සහ ජූලි මාස වල ගතකළ නිවාඩු පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර නැතිබව පුවත්පත පවසයි.  මන්ත්‍රිවරයාට සිය බිරිඳ හා දරුවන් සිව්දෙනා සමග රටවටා යාමට ශ්‍රි ලංකා ආණ්ඩුව සියලු වියදම් කළ බව තහවුරු කිරිමට  සමත් ලියකියවිලි තමන් සතුව තිබෙන බව එහි දැක්වේ.  මේ අතර මෙය අසත්‍යයක් බව එම මන්ත්‍රිවරයා සමාජ ජාල ඔස්සේ දැනුම් දී තිබේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්