Sri Lanka Brodcasting Corporation

Tue08222017

Last updateMon, 21 Aug 2017 9pm

ව්‍යාපාරික පුවත්

ඉකුත් ආපදා තත්ත්වයන් නිසා හානියට පත් ණය ගණුදෙනුකරුවන්ගේ ව්‍යාපාර නගා සිටුවිමට බැංකු වලින් විශේෂ සහන.

 

ඉකුත් කාලයේ පැවැති ගංවතුර . අයහපත් කාලගුණ තත්ත්වයක් හා ඊට සම්බන්ධ සිද්ධින් නිසා  හානියට පත් ණය ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර කටයුතු යලි නගා සිටුවිමට විශේෂ සහන ලබාදිමට සියලු බලපත්‍රලාභි බැංකු සදහා ශ්‍රි ලංකා මහා බැංකුව අවසර ලබාදෙයි. එම ගනුදෙනුකරුවන් වෙත මේ වසරේ මැයි 25 වැනිදා තෙක් පැවැති සක්‍රිය ණය පහසුකම් සදහා මාස 3 කට නොවැඩි සහන කාලයක් මෙහිදි ලැබේ. එමෙන්ම අදාල කාලයට දඩ පොලිද කපා හැරේ. ගංවතුර තත්ත්වයෙන් හානියට පත්වු ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් මේ සම්බන්ධව දැනුවත් වි නොමැති බැවින් අදාල සහන මෙතෙක් ලබාගෙන නොමැති බව මහා බැංකුව කියා සිටි. එබැවින් අදාල ගනුදෙනුකරුවන් තම ලගම ඇති බැංකු ශාඛාවෙන් මේ පිලිබද විමසා තොරතුරු ලබාගත හැක.

දේශීය පුවත්

 

විදෙස් පුවත්