Sri Lanka Brodcasting Corporation

Fri08182017

Last updateThu, 17 Aug 2017 8pm

ව්‍යාපාරික පුවත්

නියමිත ස්ථානවලින් පරිබාහිරව මගින් ගන්නා අන්තර් පලාත් බස්රථවල බලපත්‍ර තහනම් කිරිමට පියවර

 

නියමිත ස්ථානවලට අමතරව අතරමග බස් නැවතුම්පලවලින් මගින් ගන්නා අන්තර් පලාත් බස්රථවල බලපත්‍ර තහනම් කරන ලෙසට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දෙයි. එය ලබන මස පලමු වෙනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිතයි. මෙවැනි නීතිවිරෝධි ක්‍රියා සිදුකරන බස්රථ පිලිබදව විමර්ශනය කිරිමට ජාතික ගමනාගමන කොමිසමේ පරික්ෂක කණ්ඩායම් යෙදවිමට කටයුතු කෙරේ.

නියමිත ස්ථානවලින් පරිබාහිරව මගින් ගන්නා අන්තර් පලාත් බස්රථ නවතන ස්ථානවල ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරිමට ද අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබි තිබේ. වාර්ෂිකව සිදුකෙරෙන මාර්ග බලපත්‍ර අලුත් කිරිමේදි මෙවැනි නිතිවිරෝධි ක්‍රියා සිදුකරන බස්රථවල බලපත්‍ර අලුත් නොකරන ලෙසට ද අමාත්‍යවරයා විසින් කොමිසමේ සභාපති එම් ඒ පි හේමචන්ද්‍ර මහතාට උපදෙස් දි ඇත.

දේශීය පුවත්

 

විදෙස් පුවත්