Sri Lanka Brodcasting Corporation

Sun12172017

Last updateSun, 17 Dec 2017 1pm

ව්‍යාපාරික පුවත්

පෞද්ගලික රසායනාගාරවලින් සිදුකරන ඩෙංගු රෝග පරික්ෂණ දෙකක මිල පහතට

පෞද්ගලික අංශයේ රසායනාගාරවලින් සිදුකරන ඩෙංගු රෝග පරික්ෂණ දෙකක් සඳහා මිල ගනන් පහත දැමිමට රජය තිරණය කර ඇතැයි ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. නව මිල ගනන් ලබන සඳුදා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව පුර්ණ රුධිර පරික්ෂාව සඳහා දැනට අය කරන රුපියල් 750 ත් 800 ත් අතර මුදල රුපියල් 250 දක්වා අඩුකෙරේ . ක්ෂණිකව සිදුකරන ඩෙංගු රසායනාගාර පරික්ෂණය සඳහා අයකරන රුපියල් තුන්දහසත් හාරදහසත් අතර මුදල රුපියල් දහස දක්වා අඩුකෙරේ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඔවුන්ට සහන සැලසිම සඳහා රජය මෙම තීරණය ගත් බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා පැවසීය. 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා එහිදි පැවසුවේ උන තත්ත්වයක් පෙන්නුම් කළ වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙයසි. කිසිඳු අවස්ථාවක වේදනා නාශක ඖෂධ භාවිත නොකළ යුතුය. උන පවතින අවස්ථාවේ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්නා විට ද වේදනා නාශක ඖෂධ ලබාදි ඇද්ද යන්න පිළිබඳ රෝගියා හෝ රෝගියා භාරව සිටින අය විමසිය යුතු බව ඔහු සඳහන් කලේය. උන තත්ත්වයක් පවතින විට පැරසිටමෝල් නියමිත මාත්‍රාව හැර වෙනත් කිසිඳු ඖෂධයක් භාවිත නොකළ යුතුය. කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිම ද අත්‍යාවශ්‍ය වෙයි. ඩෙංගු රෝගියෙකු වේදනා නාශක ඖෂධ ලබාගැනිම මගින් ඔහුගේ ජීවිතය නැතිවීමේ අවදානමකට ලක්විය හැකි බව ද වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය. විශේෂයෙන් තරුණ පිරිස් එම උපදෙස් පිළිපැදිමට උනන්දුවක් නොදක්වති. මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාවෙන් වැඩි ප්‍රතිශතයක් තරුණ පිරිස් බව ද ඔහු සඳහන් කලේය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්