Sri Lanka Brodcasting Corporation

Fri10202017

Last updateFri, 20 Oct 2017 10am

ව්‍යාපාරික පුවත්

විවෘත වෙළෙඳපලේ සිනි මිල ඉහළ යාමට හේතුවක් නොමැති බව සතොස සභාපතිවරයා කියයි.

විවෘත වෙළෙඳපලේ සිනි මිල ඉහළ යාමට හේතුවක් නොමැති බව සතොස සභාපති ටී.එම්.කේ. බී. තෙන්නකෝන් මහතා පවසය.ි සතොස මගින් සිනි අලෙවි කෙරෙන්නේ රුපියල් 102 කටයි. ලෝක වෙළෙඳපලේ සිනි මිල ගණන් මේ වනවිට පහළ යමින් පවති. ඒ අනුව මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 200 ත් 250 ත් අතර වෙයි. මීට පෙර සිනි කිලෝවක් සදහා රුපියල් 30 ක බද්දක් අය කෙරිණ එම බද්ද ශත 25 දක්ව පහළ දැමු අතර දැන් එය රුපියල් 10 කින් වැඩිකර තිබේ. එම වැඩි කිරිමත් සමග දැන් සිනි කිලෝවකට අය කරනු ලබන බද්ද රුපියල් 26 ක් වී තිබෙන බව සභාපතිවරයා පවසයි. මෙම බද්ද නිසා ආනයනික සිනිවල මිල පහළ යාම වැලකි තිබෙ.් එමගින් දේශිය නිෂ්පාදන වලට මෙන්ම අතුරු නිෂ්පාදන වලට ලැබෙන බව ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වී ඇතැයි හෙතෙම කියයි
වී වගා කරන ප්‍රදේශවල පවතින වියළි කාලගුණය නිසා සහල් නිෂ්පාදනය අඩුවෙමින් පවති. එම නිසා රටේ අවශ්‍යතාවට අනුව සහල් ආනයනය කිරිමට රජයට සිදුවී ඇත. මේ ය ටතේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරිමට තීරණය කර ඇතැයි සතොස සභාපතිවරයා පැවසිය කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්