Sri Lanka Brodcasting Corporation

Tue02202018

Last updateTue, 20 Feb 2018 6pm

ව්‍යාපාරික පුවත්

.වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය ජාතික කර්මාන්තයක් බවට පත් කිරීමට සැලසුම්.

 

 

වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය ජාතික කර්මාන්තයක් බවට පත් කිරීම අරමුණ බව එම ජාතික වැඩසටහනේ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ පවසති. කාබනික පොහොර. භාවිතයෙන් සිදුකරන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් විශාල ජාතික පිඹිදිමක් ඇති කිරීමට හැකී වී තිබේ. එමගින් රැකියා 25 දහසක් මේ වනවිට බිහිවී ඇතැයි උන්වහන්සේ පවසති. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වස විසෙන් තොර ගොවිතැනක් සදහා ලබාදෙන ශක්තිමත් සහයෝගය ඒ සදහා එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට පිටිවහලක් බව උන්වහන්සේ පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද එක්වෙමිනි. වස විසෙන් තොර ආහාර සදහා ජනතාවගේ ප්‍රතිචාර ඉහළ මට්ටමක පවතී. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ දිනවල පැවැත්වෙන තිරසර ලංකා ජාතික මංගල්‍යය ප්‍රදර්ශනයට දිනපතා විශාල පිරිසක් සහභාගීවීමෙන් ඒ බව තහවුරු වන බව උන්වහන්සේ පැවසුහ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්