Sri Lanka Brodcasting Corporation

Sat03252017

Last updateSat, 25 Mar 2017 7am

ව්‍යාපාරික පුවත්

සිංහල හා දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට අවශ්‍ය ආහාර රෙදිපිළි ඇතුඵ භාණ්ඩ ප්‍රමාණවත් පරිදි සැපයීමට රාජ්‍ය හා පෞද්ගලික අංශය සුදානමින්

 

.සිංහල හා දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට අවශ්‍ය ආහාර රෙදිපිළි ඇතුඵ සෙසු භාණ්ඩ ප්‍රමාණවත් පරිදි සතොස සමුපාකාර සහ පෞද්ගලික ව්‍යාපාර ආයතන මේ වනවිට ඇනවුම් කර තිබේ. සතොස සභාපති ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා ජාතික ගුවන් විදුලියට පැවසුවේ ලක් සතොස මගින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලිමට අවශ්‍ය සියඵ විධිවිධාන යොදා ඇති බවයි. ලක් සතොස ශාඛා 50 ක් අලුතින් විවෘත කිරීමටද පියවර ගෙන ඇතැයි හෙතෙම කීය. පාරිභෝගික ජනතාවගේ පහසුව සදහා මේ මස අවසානයේ සිට අවුරුදු සමය අවසන් වන තෙක් සතොස විවෘත කර තැබෙන වේලාවන්ද දිර්ග කෙරේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් පෞද්ගලික අංශයද සුදානම් වී සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.
මේ අතර සිංහල හා දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සදහා ලංගම සහ පෞද්ගලික බස්රථද හා දුම්රිය සේවා පවත්වාගෙන යන බව එම අංශ ප්‍රධානීහු පවසති. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ ලබන මස 07වැනිදා සිට 17 වැනිදා දක්වා සාමාන්‍ය දුම්රිය ගමන්වාර වැඩිකර ඇති අතර අතිරේක දුම්රියද සේවයට යොදවන බවයි. හෙට සිට එම කාලසටහන් පිළිබඳව ජනතාව දැනුවත් කෙරේ. ලංගම විශේෂ බස්සේවා ලබන මස 06වැනිදා සිට 25 වැනිදා දක්වා පවත්වාගෙන යාමට සැලසුම් කර ඇතැයි එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. බියගම. කටුනායක. මීරිගම වැනි කර්මාන්තපුර යන්හි සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව පෞද්ගලික බස් සේවා ලබන 07 වැනිදා සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ගමනාගමන කොමිෂමේ සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා පැවසීය.
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අප්‍රේල් මස මුල් සතියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පිළිගන්වන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. නැකැත් සීට්ටුවේ පිටපත් පන්දහසක් මුද්‍රණයට පියවර ගෙන තිබේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්