Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateTue, 21 Nov 2017 8pm

ව්‍යාපාරික පුවත්

පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන වෙලෙදසල් 30 කට නෛතික ක්‍රියාමාර්ග.

මරදාන පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන වෙලෙදසල් වටලා පාරිභෝගික නීති කඩ කළ වෙලෙදසල් 30 ක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.  පාරිභෝගිකයන් වෙනුවෙන් ගුණාත්මක භාණ්ඩ හා සේවාවක් ලබාදීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අඛන්ඩව වැටලීම් සිදු කරන බවද ඇමතිවරයා සදහන් කරයි.  චීනයෙන් ආනයනය කළ අමතර කොටස් ජපන් හා ජර්මන් නිෂ්පාදන ලෙස වෙනස් කර විකුනන ස්ථාන සහ මිල සදහන් නොකර අලෙවි කරන අමතර කොටස් රැසක් පාරිභෝගික අධිකාරිය සිය භාරයට ගෙන තිබේ.  මෙම වෙලෙදසල් තිහේ භාණ්ඩවලට මුද්‍රා තැබු බවත් මෙම භාණ්ඩ පරීක්ෂාවට ලක් කර ඒවා නිෂ්පාදිත රටවල අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසු මාලිගාවත්ත අධිකරණයට ඉදිරිපත් කරන බව එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්