Sri Lanka Brodcasting Corporation

Tue02202018

Last updateTue, 20 Feb 2018 6pm

ව්‍යාපාරික පුවත්

උසස් ප්‍රමිතියෙන් යුත් ටයර් නිෂ්පාදන කම්හලක් හොරණ ඉදිකෙරේ.

 

ලොව ඉහළම ප්‍රමිතියෙන් යුත් ටයර් නිෂ්පාදන කම්හලක් ඉදිකිරීම සදහා හොරණ වගවත්ත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කර්මාන්ත කලාපයේදී අද පස්වරුවේ මුල්ගල තැබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්වෙයි . අක්කර සීයයක භූමිභාගයක් ඒ සදහා වෙන්කර තිබේ. රුපියල් කෝටි එක්දහස් එකසිය විසිපහක ආයෝජන ව්‍යාපෘතියක් වන එමගින් ඍජු රැකියා අවස්ථා දහසක් හා වක්‍ර රැකියා අවස්ථා දෙදහසක් උදාකෙරේ. මුඵමනින්ම පරිසර සංරක්‍ෂණ ව්‍යාපෘතියක් ලෙෂ එය ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. වසර එකහාමාරක් තුළ කම්හලේ ඉදිකිරීම් නිම කිරීම ඉලක්කයයි. නවීන පහසුකම් හා උපකරණවලින් සමන්විත රබර් පර්යේෂණායතනයක්ද කම්හලට අනුබද්ධව ඉදිකෙරේ. කම්හලේ නිපදවන ටයර්වලින් සියයට 75ක් විදේශීය වෙළෙඳපොලට යොමුකෙරෙනු ඇත.

දේශීය පුවත්

 

විදෙස් පුවත්